YouVersion Logo
Search Icon

යෝනා 4:6-11

යෝනා 4:6-11 SCV

එවිට ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ වැලක් නියම කළ සේක්, යෝනාගේ අසහනයට අස්වැසිල්ලක් ලෙස, ඔහුගේ හිසට සෙවණක් ව එය යෝනාට ඉහළින් වැඩෙන්නට සැලසූ සේක. යෝනා ඒ වැල ගැන බෙහෙවින් සොම්නස් විය. එහෙත් පසුදාට පහන් වෙද්දී දෙවියන්වහන්සේ පණුවකු නියම කළ සේක. ඌ ඒ වැල කා දැමුවෙන්, එය වියළී ගියේ ය. හිරු නැගුණු කල, දෙවියන්වහන්සේ පීඩාදායි උණුසුම් පෙරදිග සුළඟක් නියම කළ සේක. යෝනා ක්ලාන්ත කරවමින්, දැඩි හිරු රැස් සැර යෝනාගේ හිසට වැදුණේ ය. “ජීවත් වෙනවාට වඩා මරණය මට හොඳා” යි කියමින් ඔහු මරණය ඉල්ලා යැද්දේ ය. එවිට දෙවියන්වහන්සේ, යෝනා ඇමතූ සේක්, “ඒ වැල ගැන ඔබ කෝප වීම යුතු දැ?” යි ඇසූ සේක. “ඔව්; කෝප වීම මට යුතු ය. මැරෙන තරම් කෝප වීම” යි ඔහු පැවසී ය. එහෙත් ස්වාමින්වහන්සේ, “ඔබේ වෙහෙස දැරීමක් නොමැතිව, ඔබ විසින් වැඩෙන්නට නො සලස්වන ලද, එක් රැයෙකින් වැඩී, එක් රැයෙකින් නැසී ගිය ඒ වැල ගැන ඔබට ඔතරම් අනුකම්පා ඇත්නම්, තමන්ගේ වම-දකුණවත් හරි හැටි නො දන්නා එක්ලක්ෂ විසි දහසකට වැඩි ජනගහනයක් ද ඒ සා සතුන් ද සිටින මේ මහා පුරවරය වන නිනිවය ගැන මා අනුකම්පා නො කළ යුතු දැ?” යි ඇසූ සේක.