YouVersion Logo
Search Icon

යෝනා 3:6-10

යෝනා 3:6-10 SCV

නිනිවයේ රජුට මෙම පුවත සැල වූ කල, ඔහු තම සිහසුනෙන් නැගිට, රජ ඇඳුම් පසෙක ලා, ගෝණි රෙදි දවටාගෙන, අළු මත හිඳ ගත්තේ ය. තවද ඔහු නිනිවයෙහි ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කළේ ය: “රජුගේ ද ඔහුගේ වංශාධිපතීන්ගේ ද නියමය පරිදි මෙසේ දැන්වී ය: “යම් මිනිසෙක්, සතෙක් හෝ ගව-එළු බැටළු කිසිවකු කිසිවක් හෝ රස නො බලත්වා! කිසිවක් කෑමට හෝ බීමට හෝ නො ගනිත්වා! මිනිසා මෙන් ම සත්වයා ද ගෝණි රෙදි දවටා ගනිත්වා! හැම කෙනෙක් ම ඉතා ඕනෑකමින් දෙවියන්වහන්සේට කන්නලව් කරත්වා! ඔවුහු තමන්ගේ දුෂ්ට මාර්ග ද ප්‍රචණ්ඩකම් ද අත්හරිත්වා! කවුරු දනිත් ද? අප විනාශ නො වන පිණිස, දෙවියන්වහන්සේ ඇතැම් විට සිත වෙනස් කර ගෙන, ලිහිල පා, තම රුදුරු කෝපය අස්කර ගනු ඇත.” එවිට ඔවුන් ක්‍රියා කළ අයුරු ද ඔවුන් තම දුෂ්ට මාර්ගවලින් ඉවත හැරුණු අයුරු ද දෙවියන්වහන්සේ දුටු සේක්, තම සිත වෙනස් කර ගෙන, ඔවුන්ට එරෙහිව ප්‍රකාශ කොට තිබූ විපත්තිය, ඔවුන් පිටට නො පැමිණ වූ සේක.