යෝනා 3:1-4
යෝනා 3:1-4 SCV
ඉන්පසු ස්වාමින්වහන්සේගේ වචනය දෙවන වරටත් යෝනා වෙත පැමිණියේ ය. “නැගිට, නිනිවය මහ-පුරවරයට යන්න; මා ඔබට පවසන පණිවුඩය එහි ප්රකාශ කරන්නැ” යි ඉන් කියැවිණි. එවිට යෝනා නැගිට, ස්වාමින්වහන්සේගේ වචනයට අනුව, නිනිවය වෙත ගියේ ය. නිනිවය මහ විශාල පුරවරයක් විය. තුන් දවසක ගමන් දුරකින් යුක්ත ය. යෝනා එක්-දින ගමනක යෙදෙමින් පුරය මැදට ගමන් ඇරඹී ය. “තව හතළිස් දවසකින් නිනිවය බිඳ හෙළනු ලැබේ” යි ඔහු මොර ගසා ප්රකාශ කළේ ය.





