YouVersion Logo
Search Icon

යෝවෙල් 2:13-14

යෝවෙල් 2:13-14 SCV

ඔබගේ හැඳිවත් නො ව, ඔබගේ හදවත් ඉරාගෙන, ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ආපසු එන්න. මන්ද, උන්වහන්සේ දයාන්විත ය; අනුකම්පා සහගත ය; වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය; විපත්තිය පැමිණවීමෙහිලා ලිහිල පාන සේක. කවුරු දනිත් ද? උන්වහන්සේ සිත වෙනස් කර, දයාන්විත වී, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ධාන්‍ය පූජා හා පාන පූජා සඳහා ආශිර්වාදයක් තබා යන්නට බැරි නැත.