යෝවෙල් 2:1-2
යෝවෙල් 2:1-2 SCV
පිඹින්න හොරණෑව සියොනෙහි දී; හඬවන්න අනතුරු ඇඟවීම මගේ ශුද්ධ කන්දේදී. දේශයේ වෙසෙන සියල්ලෝ වෙවුලත්වා! මන්ද, ස්වාමින්වහන්සේගේ දවස ළඟා වේ; එය අත ළඟ ම ය. ඒ දවස කළුවර දවසෙකි; අන්ධකාර දවසෙකි; වලාකුළෙන් බර, ඝන අඳුරු දවසෙකි. කඳුයාය හරහා කළුවර පැතිරෙන්නාක් මෙන්, අති මහත්, බලවත් හමුදාවක් පැමිණේ. පරම්පරා අවුරුදු මුළුල්ලේ ම එවැන්නක් ඉහත කිසි කලෙක නො වූ සේ ම මතු ද කිසි කල නො වන්නේ ය.






