යෝබ් 22
22
එලීෆස් තුන් වන වරටත්
1එවිට, තේමානීය එලීෆස් පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය:
2“මනුෂ්‍යයකු, දෙවියන්වහන්සේට ප්‍රයෝජනවත් විය හැකි ද?
ඔහු ප්‍රඥාවන්තයකු වූවත්, දෙවියන්වහන්සේට ප්‍රයෝජනවත් විය හැකි ද?
3ඔබ ධර්මිෂ්ඨ වූවත්, සර්ව පරාක්‍රමයාණන්ට ඉන් ලබා දෙන සතුට කවරක් ද?
ඔබගේ මාර්ග දෝෂ රහිත වූවත් එයින් උන්වහන්සේට අත්වන්නේ කවර වාසියක් ද?
4“උන්වහන්සේ ඔබට තරවටු කර, ඔබට එරෙහිව විනිශ්චයට පැමිණෙන්නේ
ඔබේ භක්තිවන්තකම නිසා ද?
5ඔබගේ දුෂ්ටකම අති මහත් නො වේ ද?
ඔබගේ අයුතුකම්, නිමක් නැති තරම් නො වේ ද?
6මන්ද ඔබ අහේතුක ව ඔබේ සහෝදරයින්ගෙන් උගස උදුරාගෙන ඇත;
මිනිසුන්ගේ හැඳිවත් උදුරාගෙන ඔවුන් නිරුවත් කර ඇත.
7වෙහෙසට පත්වූවනට බොන්නට ඔබ වතුර දුන්නේ නැත;
කුස ගිනි වූවනට ආහාර දීමෙන් ඔබ වැළකුණේ ය.
8දේශය අයිති කර ගෙන, බලවත් මිනිසකු ව,
ගරු කටයුතු මිනිසකු ව, එහි විසූ නමුදු,
9වැන්දඹු කාන්තාවන් හිස් අතින් ආපසු හරවා යැව් ඔබ,
පියා අහිමි අනාථ දරුවන්ගේ ශක්තිය බිඳ දැමී ය.
10මලපත් ඔබ වටකර ගෙන ඇත්තේ එනිසා ය;
මේ හදිසි උපද්‍රවය ඔබ බිය ගන්වන්නේ එනිසා ය.
11ඔබට දකින්නට නො හැකි වන පරිදි මේ අන්ධකාරය එබැවිනි;
මේ ජල ප්‍රවාහය ඔබ යට කර ඇත්තේ එබැවිනි.
12“දෙවියන්වහන්සේ සිටින්නේ ස්වර්ගයේ මුදුන් තැන නො වේ ද?
මුදුන් තාරකා කොතරම් උදාරදැයි බලන්න.
13එසේ තිබියදීත් ඔබ කියන්නේ, ‘දෙවියන්වහන්සේ මොනවා දන්නේ ද?
මේ ඝන අන්ධකාරය මැද්දේ උන්වහන්සේට විනිශ්චය කළ හැකි ද?
14අහස් කුස තුළ උන්වහන්සේ ඒ මේ අත සැරිසරන කල,
උන්වහන්සේට අප දකින්නට නො හැකි වන ලෙස ඝන වලාකුළු උන්වහන්සේ මුවා කර ඇත’ කියා ය.
15දුෂ්ට මිනිසුන් ගමන් ගත් ඒ පැරණි මාවත්හි ම
ඔබ ගමන් ගන්නවා ද?
16ඔවුන්ගේ කාලයට පළමුවෙන් ඔවුන් බැහැර කරන ලදී;
ඔවුන්ගේ අත්තිවාරම් ජලගැල්මකින් ගසා ගෙන යන ලදී.
17ඔවුහු දෙවියන්වහන්සේට කතා කොට, ‘අපට පාඩුවේ ඉන්න දෙන්න;
සර්ව පරාක්‍රමයාණන් අපට කළ හැක්කේ කුමක් දැ’ යි කීහ,
18එහෙත් ඔවුන්ගේ නිවෙස් යහ දැයින් පුරවන්නේ උන්වහන්සේ ය.
එබැවින් මම දුෂ්ටයින්ගේ උපදෙසින් ඈත් ව සිටගන්නෙමි.
19ධර්මිෂ්ඨයෝ ඒ දැක ප්‍රීති ප්‍රමෝද වන්නාහ;
නිර්දෝෂීහු ඔවුන්ට කවටකම් කරමින්,
20මෙසේ කියති: ‘සැබවින් ම අපේ එදිරිවාදීහු විනාශ කරන ලදහ;
ඔවුන්ගේ සම්පත් ගින්නට බිලි විය.’
21“දෙවියන්වහන්සේ සමඟ එකඟ වී, උන්වහන්සේ හා සමඟි වන්න;
එවිට සෞභාග්‍යය ඔබ කරා එනු ඇත.
22උන්වහන්සේගේ මුවින් උපදෙස් පිළිගෙන,
උන්වහන්සේගේ වදන් ඔබේ හදවතේ රඳවා ගන්න.
23ඔබ සර්ව පරාක්‍රමයාණන් වෙත යළි හැරුණහොත්, ඔබ ප්‍රකෘතිමත් කරනු ලබනු ඇත,
ඔබගේ කූඩාරමින් ඈතට දුෂ්ටකම ඔබ පහ කර දමන්නේ නම්,
24ඔබගේ රත්රන් ධූලියෙහි දමන්න;
ඕෆීර්හි රන් ඇළ-දොළවල ගල් අතර හෙළන්න.
25එවිට සර්ව පරාක්‍රමයාණන් ම ඔබේ රන් ද
ඔබේ අනගි රිදී ද වෙයි;
26සැබවින් ම එවිට ඔබ සර්ව පරාක්‍රමයාණන් තුළ ප්‍රමෝදය අත්විඳිනු ඇත;
ඔබගේ මුහුණ දෙවියන්වහන්සේ වෙත ඔබ ම ඔසවනු ඇත;
27ඔබ උන්වහන්සේට යාච්ඤා කරනු ඇත; උන්වහන්සේ සවන් දෙනු ඇත;
ඔබ ඔබගේ බාර ඔප්පු කරනු ඇත.
28ඔබ යම් තීරණයක් ගත් කල, එය ඉටු කරනු ලබන්නේ ය.
ඔබගේ මාර්ගවල එළිය බැබළෙනු ඇත.
29මිනිසුන් පහත් කරනු ලැබූ කල, ‘ඔවුන් ඔසවනු’ යි ඔබ කියනු ඇත;
උන්වහන්සේ යටහත්වූවන් ගලවනු ඇත.
30නිදොස් නො වන්නා පවා උන්වහන්සේ මුදනා සේක;
ඔබගේ අත්වල පවිත්‍රත්වය මගින් ඔහු මුදනු ලැබේ.”
Currently Selected:
යෝබ් 22: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.