YouVersion Logo
Search Icon

යෝබ් 22:21-30

යෝබ් 22:21-30 SCV

“දෙවියන්වහන්සේ සමඟ එකඟ වී, උන්වහන්සේ හා සමඟි වන්න; එවිට සෞභාග්‍යය ඔබ කරා එනු ඇත. උන්වහන්සේගේ මුවින් උපදෙස් පිළිගෙන, උන්වහන්සේගේ වදන් ඔබේ හදවතේ රඳවා ගන්න. ඔබ සර්ව පරාක්‍රමයාණන් වෙත යළි හැරුණහොත්, ඔබ ප්‍රකෘතිමත් කරනු ලබනු ඇත, ඔබගේ කූඩාරමින් ඈතට දුෂ්ටකම ඔබ පහ කර දමන්නේ නම්, ඔබගේ රත්රන් ධූලියෙහි දමන්න; ඕෆීර්හි රන් ඇළ-දොළවල ගල් අතර හෙළන්න. එවිට සර්ව පරාක්‍රමයාණන් ම ඔබේ රන් ද ඔබේ අනගි රිදී ද වෙයි; සැබවින් ම එවිට ඔබ සර්ව පරාක්‍රමයාණන් තුළ ප්‍රමෝදය අත්විඳිනු ඇත; ඔබගේ මුහුණ දෙවියන්වහන්සේ වෙත ඔබ ම ඔසවනු ඇත; ඔබ උන්වහන්සේට යාච්ඤා කරනු ඇත; උන්වහන්සේ සවන් දෙනු ඇත; ඔබ ඔබගේ බාර ඔප්පු කරනු ඇත. ඔබ යම් තීරණයක් ගත් කල, එය ඉටු කරනු ලබන්නේ ය. ඔබගේ මාර්ගවල එළිය බැබළෙනු ඇත. මිනිසුන් පහත් කරනු ලැබූ කල, ‘ඔවුන් ඔසවනු’ යි ඔබ කියනු ඇත; උන්වහන්සේ යටහත්වූවන් ගලවනු ඇත. නිදොස් නො වන්නා පවා උන්වහන්සේ මුදනා සේක; ඔබගේ අත්වල පවිත්‍රත්වය මගින් ඔහු මුදනු ලැබේ.”

Related Videos

Free Reading Plans and Devotionals related to යෝබ් 22:21-30