යෝබ් 14
14
1“ස්ත්‍රියකගෙන් උපන් මිනිසාගේ ජීවිත දවස් අල්ප ය.
ඒවා කරදරයෙන් පිරිලා ය.
2ඔහු මලක් මෙන් පිපී, පරව යයි;
සෙවණැල්ලක් මෙන් වහා පහ වී යයි; ඔහු අනිත්‍ය ය.
3එබඳු වූවකු වෙත ඔබ ඔබගේ බැල්ම යොමු කරනවා ද?
ඔබ ඉදිරිපිට විනිශ්චයට ඔබ ඔහු ගෙන්වනවා ද?
4අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්න පුළුවන් කවරකුට ද?
කිසිවකුටත් බැරි ය.
5මිනිසාගේ ජීවිත දවස් තීන්දු කර තිබේ;
ඔහුට ඉක්මවා ගිය නො හැකි ලෙස සීමා පනවමින්,
ඔහු ජීවත් වන මාස ගණන ඔබවහන්සේ නියම කර ඇත;
6එබැවින් කුලීකරුවකු සේ ඔහු තම දවස භුක්ති විඳ නිම වන තුරු,
ඔහුට පාඩුවේ ඉන්නට හැර ඔහු වෙතින් ඔබේ බැල්ම ඉවතට ගත මැන.
7“මන්ද ගසකට වුව ද, බලාපොරොත්තුවක් ඇත;
කපා දමනු ලැබුව ද, එය යළි ලියලයි;
එහි නව රිකිලි දිගට ම දළුලයි;
8එහි මුල් කල් ගෙවී, පොළොවේ දිරා යනු ඇත;
එහි කඳ පසෙහි මැරී යනු ඇත,
9එහෙත් ජලයේ ඉව දැනීමෙන් එය දළු ලා,
පැළෑටියක් මෙන් අතු-රිකිලි ලා වැඩේ.
10එහෙත් මිනිසා මැරුණ විට පහත් භාවයට පැමිණෙන්නේ ය;
ඔහු අවසන් හුස්ම හෙළූ පසු තවදුරටත් ඔහු නැත.
11වැවක වතුර සිඳී යන්නා සේ
ගඟක පතුල වියළී කරවී යන්නා සේ,
12මිනිසා දිගා වන්නේ ය, යළි නො නැගිටින්නේ ය;
අහස් කුස පහ වී යන තුරු ඔහු පිබිදෙන්නේ නැත;
ඔවුන්ගේ නින්දෙන් ඔවුන් නැගිටුවනු ලබන්නේ නැත.
13“අහෝ, ඔබවහන්සේ ෂෙයෝලෙහි#14:13 පාතාලයෙහි හෙවත් මළවුන්ගේ ස්ථානයෙහි මා සඟවා,
ඔබගේ කෝපය නිවෙන තුරු මා ආවරණ කර,
මට කාලයක් නියම කොට, මා සිහි කරන සේක් නම්!
14මිනිසකු මැරුණු පසු යළි ඔහු ජීවත් වේ ද?
මගේ දුෂ්කර සේවයේ සියලු දවස්හි, මගේ නිදහස පැමිණෙන තෙක්,
මම බලාපොරොත්තු සහගත ව සිටිමි.
15ඔබ හඬ ගසනු ඇත; එවිට මම උත්තර දෙන්නෙමි.
ඔබගේ දෑතින් සෑදූ මැවිල්ල ගැන ඔබ ආශා වන සේක.
16ඇත්තෙන් ම ඔබ මගේ පියවර ගණන් කරන සේක;
එහෙත් මගේ පාප ගැන නො බලා සිටින සේක.
17මගේ වැරදි මල්ලක ලා මුද්‍රා තබනු ඇත;
මගේ පාප ඔබ වසා තබනු ඇත.
18“කන්දක් සෝදා-පාළු වී කැබලි ව යන්නා සේ,
පර්වතය එය පිහිටි තැනින් ඉවත් කරනු ලබන්නා සේ,
19ජලය ගල් ගෙවීයන්නට සලසන්නා සේ,
ජල ප්රවාහයෙන් පස් සේදී යන්නා සේ,
මිනිසාගේ බලාපොරොත්තු ඔබ සුන් කර දමන සේක.
20ඔබ සදහට ම ඔහු පරාජය කරන සේක, ඔහු නැති වී යයි;
ඔබ ඔහුගේ මුහුණුවර වෙනස් කොට පිටත් කර යවන සේක.
21ඔහුගේ පුතුන් ගෞරව ලැබුව ද, ඔහු ඒ වග නො දනියි;
ඔවුන් නිග්‍රහයට පත් වුව ද ඔහු ඒ වග ද නො දනියි.
22ඔහුට තමාගේ ම සිරුරේ වේදනාව දැනේ;
ඔහු ශෝක වන්නේ තමා ගැන පමණකි.”
Currently Selected:
යෝබ් 14: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.