යෝබ් 12
12
යෝබ් යළිත්
1ඉන්පසු යෝබ් උත්තර දෙමින් මෙසේ පැවසී ය:
2“සැබවින් ම, නුඹලා තමයි මිනිස්සු;
නුඹලා මැරුණාම ප්‍රඥාවත් මැරී යාවි;
3නුඹලාට වගේ මටත් දැනීම තිබේ;
මා නුඹලාට වඩා අඩු නො වේ.
මේ දෑ නො දන්නෝ කවුරු ද?
4“මා මගේ ම මිතුරන්ට සිනහවට හේතුවක් වෙලා;
මා දෙවියන්වහන්සේට යාච්ඤා කර උන්වහන්සේගෙන් පිළිතුරු ලද කෙනෙක් වුවත්,
ධර්මිෂ්ඨ ව, නිර්දෝෂ ව සිටින්නෙම් වුවත්, සිනහවට හේතුවක් ව සිටින්නට වෙලා.
5සැප පහසුව සිටින අය අවාසනාව සුළු කරන්නේ,
පාද ලිස්සා වැටෙන්නන් තල්ලු කර දමන්නට ය.
6තමන්ගේ දෙවියන් තම අත්වල රැගෙන යන්නන් වන
කොල්ලකරුවන්ගේ වාසස්ථාන සාමයේ පවතී;
දෙවියන්වහන්සේ කෝපගන්වන්නෝ සුරක්ෂිත ව සිටිති.
7“ඒත් සත්තුන්ගෙන් අසා බලන්න; උන් ඔබට කියා දේවි;
නැතහොත් අහස් පක්ෂීන්ගෙන් අසන්න; උන් ඔබට පවසාවි;
8මහ පොළොවට කතා කර බලන්න; එය ඔබට කියා දේවි;
නැතහොත් මත්ස්‍යයෝ ඔබ දැනුවත් කරත්වා.
9 ස්වාමින්වහන්සේගේ හස්තය මෙය සිදු කළ වග නො දැන සිටින්නේ
ඒ සියල්ලන් අතරින් කවුරු ද?
10සියලු ජීවීන්ගේ ජීවනය ද
මුළු මිනිස් වර්ගයාගේ පණනල ද ඇත්තේ උන්වහන්සේ අතේ ය.
11දිව, කෑම රස බලන්නාක් මෙන්,
කන, වචන විමසනවා නො වේ ද?
12ප්‍රඥාව හමුවන්නේ වියපත් අය අතර නො වේ ද?
දිගු කල් ජීවත් වීමෙන් අවබෝධය උපදනවා නො වේ ද?
13“ප්‍රඥාව හා බලය අයිති උන්වහන්සේට ය;
දැනමුතුකම හා අවබෝධය උන්වහන්සේගේ ය.
14උන්වහන්සේ කඩා දමන දේ යළි ගොඩ නගන්නට බැරි ය;
උන්වහන්සේ මිනිසකු සිරකළාම නිදහස් වීමක් ඔහුට නැත.
15උන්වහන්සේ ජලය නො දී සිටියහොත්, නියඟය පැමිණේ.
උන්වහන්සේ ජලය මුදා හැරිය කල, එය දේශය යට කර ගෙන යයි.
16ශක්තියත්, ජයග්‍රහණයත් අයිති උන්වහන්සේට ය;
රැවටෙන්නාත්, රවටන්නාත් යන දෙදෙනා ම උන්වහන්සේගේ ය.
17උන්වහන්සේ රාජ්‍ය උපදේශකයින් නිර්වස්ත්‍ර කොට ගෙන යන සේක්,
විනිශ්චයකරුවන් මෝඩයින් කරන සේක.
18රජුන් විසින් දමන ලද විලංගු ලිහා දමන උන්වහන්සේ
ඔවුන්ගේ ඉඟට ඉණ කඩක් බඳින සේක.
19උන්වහන්සේ පූජකයින් නිර්වස්ත්‍ර කොට ගෙන යන සේක්,
චිරාගත ප්‍රබලයින් බිඳ හෙළන සේක.
20විශ්වාසී උපදේශකයින්ගේ තොල් නිහඬ කරන උන්වහන්සේ,
වැඩිහිටියන්ගේ තීක්ෂණ බුද්ධිය ඉවත් කරන සේක.
21අධිපතීන් පිට අවමානය වගුරු වන උන්වහන්සේ,
බලවතුන් නිරායුධ කරන සේක.
22අන්ධකාරයේ ගුප්ත දෑ අනාවරණ කරන උන්වහන්සේ
ගැඹුරේ සෙවණැලි ආලෝකයට ගෙනෙන සේක.
23උන්වහන්සේ ජාතීන් උසස් කරන සේක; ඒවා වනසා දමන සේක;
උන්වහන්සේ ජාතීන් වර්ධන කරන සේක; ඒවා විසුරුවා හරින සේක.
24උන්වහන්සේ ලෝක ජන නායකයන්ගේ බුද්ධිය ඉවත් කරන සේක්,
පාරක්, තොටක් නැති කතරෙහි ඔවුන් මුළාව යවන සේක.
25එළියක් නැති අඳුරේ ඔවුහු අතපත ගගා ඇවිදිති.
ඔවුන් වෙරිකාරයින් මෙන් වැනි වැනී යන්නට උන්වහන්සේ සලසන සේක.
Currently Selected:
යෝබ් 12: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: