යෝබ් 11
11
සෝෆර්
1එවිට නාමාතීය සෝෆර් උත්තර දෙන්නට වන්නේ ය:
2“මේ සා වචන රාශියක් උත්තර නො දී හරින්න ද?
මිනිසකුගේ මුඛරිකම නිසා ම ඔහු නිවැරදි වේ ද?
3ඔබගේ ප්රලාප හමුවේ මිනිසුන් ශබ්ද නැතිව සිටින්න ද?
නුඹ සමච්චල් කරද්දී කිසිවකු නුඹට තරවටු නො කරාවි ද?
4ඔබ පවසන්නේ ‘මා අදහන දේ දොසින් තොර ය;
ඔබ ඉදිරියේ මා පවිත්ර ය’ කියා ය.
5අහෝ, දෙවියන්වහන්සේ ඔබට පිළිතුරු දෙන සේක් නම්!
ඔබට එරෙහිව උන්වහන්සේ මුව විවර කර,
6ප්රඥාවේ රහස් ඔබට අනාවරණ කරන්නේ නම්!
මන්ද සැබෑ ප්රඥාවට පැති දෙකක් ඇත.
මෙය දැනගන්න; දෙවියන්වහන්සේ ඔබගේ ඇතැම් පාප අමතක කර දමා ඇත.
7“දෙවියන්වහන්සේගේ අබිරහස් ඔබට සොයා දැනගත හැකි ද?
සර්ව පරාක්රමයාණන්වහන්සේගේ සීමා ඔබට සෝදිසි කර බැලිය හැකි ද?
8ඒවා ස්වර්ගවලටත් වඩා ඉහළ ය; මොනවද ඔබට කළ හැක්කේ?
ඒවා ෂෙයෝලයේ#11:8 පාතාලයේ හෙවත් මළවුන්ගේ ස්ථානයේ ගැඹුරටත් වඩා ගැඹුරු ය; මොනවද ඔබට දැනගත හැක්කේ?
9ඒවායේ පරිමාණය දිගින් මහ පොළොවටත් වැඩි ය;
පළලින් මහ මුහුදටත් වැඩි ය.
10“උන්වහන්සේ පැමිණ ඔබ සිර ගෙදරට නියම කර,
උසාවිය ඉදිරියට කැඳවුවහොත්, ඊට එරෙහි විය හැක්කේ කවරකුට ද?
11වංචාකාර මිනිසුන් කවුරුන්දැයි සැබවින් ම උන්වහන්සේ හැඳින්නාහ;
අයුක්තිය දුටු කල උන්වහන්සේ එය සැලකිල්ලට නො ගෙන සිටී ද?
12වල් බූරු පැටවකුට මිනිසකු ව බිහි විය නො හැකි සේ,
අඥාන මිනිසකුට නැණවත් විය නො හැක.
13“එහෙත් ඔබ ඔබේ හදවත උන්වහන්සේට කැප කර,
උන්වහන්සේ වෙතට ඔබේ දෑත් දිගු කරන්නේ නම්,
14ඔබ අත ඇති පාප ඔබ ඉවත දමා,
කිසි නපුරකට ඔබේ කූඩාරමෙහි වාසයට ඉඩ නො දෙන්නේ නම්,
15එවිට ලජ්ජාවෙන් තොර ව ඔබ මුහුණ ඔසවනු ඇත;
බියෙන් තොර ව ඔබ නො සැලී සිටගනු ඇත.
16සැබවින් ම ඔබට ඔබේ කරදර අමතක ව යනු ඇත;
ඒවා සිහිවනු ඇත්තේ බැස ගිය ජලය පරිද්දෙනි.
17ඔබගේ ජීවිතය මද්දහනටත් වඩා දීප්තිමත් වන්නේ ය;
අන්ධකාරය ඔබට උදෑසන මෙන් වන්නේ ය.
18බලාපොරොත්තුවක් ඇති බැවින් ඔබ සුරක්ෂිත ව සිටිනු ඇත.
ඔබ වටපිට විපරම් කර, සුරක්ෂිත ව විවේක ගනු ඇත.
19කිසිවකුගෙන් බයක් නැතිව ඔබ පහසු ගනු ඇත;
බොහෝ දෙනකු ඔබගේ හොඳ හිත පතනු ඇත.
20එහෙත් දුෂ්ටයින්ගේ ඇස් අඩාල වනු ඇත;
පැන යා හැකි මගක් ඔවුනට නො වනු ඇත.
ඔවුන්ගේ බලාපොරොත්තුව මරණයේ අවසන් හුස්ම ය.”
Currently Selected:
යෝබ් 11: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: