යෝබ් 11:7-9
යෝබ් 11:7-9 SCV
“දෙවියන්වහන්සේගේ අබිරහස් ඔබට සොයා දැනගත හැකි ද? සර්ව පරාක්‍රමයාණන්වහන්සේගේ සීමා ඔබට සෝදිසි කර බැලිය හැකි ද? ඒවා ස්වර්ගවලටත් වඩා ඉහළ ය; මොනවද ඔබට කළ හැක්කේ? ඒවා ෂෙයෝලයේ ගැඹුරටත් වඩා ගැඹුරු ය; මොනවද ඔබට දැනගත හැක්කේ? ඒවායේ පරිමාණය දිගින් මහ පොළොවටත් වැඩි ය; පළලින් මහ මුහුදටත් වැඩි ය.






