YouVersion Logo
Search Icon

යොහන් 14:2-7

යොහන් 14:2-7 SCV

මගේ පියාණන්වහන්සේගේ ගෘහයේ බොහෝ නිවහන් තිබේ. එසේ නො වේ නම්, ඔබට ස්ථානයක් සූදානම් කරන්නට මා යනවායයි මා ඔබට කියනවා ද? මා ගොස්, ඔබටත් තැනක් සූදානම් කරන්නෙම් නම්, මා සිටින තැන ඔබත් සිටින පිණිස, මා සමඟ ඔබ කැඳවාගෙන යෑමට එන්නෙමි. මා යන තැනට යන මාර්ගය ඔබත් දන්නවා” යි පැවසූ සේක. තෝමස් උන්වහන්සේ අමතමින්, “ස්වාමිනි, ඔබ කොතැනක යනවාදැයි අප දන්නේ නෑ; අප මාර්ගය දන්නේ කොහොම දැ” යි ඇසී ය. යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම ය; මා මගින් මිස, කිසිවකු පියාණන්වහන්සේ වෙත එන්නේ නැත. ඔබ මා හැඳින ගත්තා නම්, මගේ පියාණන්වහන්සේ ද හඳුනා ගනු ඇත. මෙතැන් පටන් ඔබ උන්වහන්සේ හඳුනති; උන්වහන්සේ දැකලාත් තිබේ යැ” යි කී සේක.

Free Reading Plans and Devotionals related to යොහන් 14:2-7