YouVersion Logo
Search Icon

යොහන් 1:1-4

යොහන් 1:1-4 SCV

මූලාරම්භයේදී වචනයාණෝ සිටි සේක. වචනයාණෝ දෙවියන්වහන්සේ සමඟ සිටි සේක; වචනයාණෝ දෙවියන්වහන්සේ ව සිටි සේක; උන්වහන්සේ මූලාරම්භයේ දෙවියන්වහන්සේ සමඟ වූ සේක. සියල්ල මවන ලද්දේ උන්වහන්සේ මගිනි; මවන ලද කිසිවක් උන්වහන්සේගෙන් තොර ව මවනු නො ලැබුණි. ජීවනය උන්වහන්සේ තුළ විය. ඒ ජීවනය මිනිස් වර්ගයාගේ ආලෝකයයි.