යෙරමියා 41:1-3
යෙරමියා 41:1-3 SCV
හත් වන මාසයේ, එලිෂාමාගේ පුත් නෙතනියාගේ පුත්, රාජවංශික, රජුගේ ප්‍රමුඛ නිලධාරියකු වූ ඉෂ්මායෙල්, මිනිසුන් දහ දෙනකු කැටිව, අහිකාම්ගේ පුත් ගෙදලියා ළඟට මිස්පා වෙත ආවේ ය. එහිදී ඔවුන් එක් ව අහර ගනිමින් සිටියදී නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් හා ඔහු සමඟ වූ මිනිසුන් දහ දෙනා නැගිට, බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකරු වශයෙන් පත් කරනු ලැබ සිටි, ෂාෆාන්ගේ පුත්, අහිකාම්ගේ පුත් ගෙදලියා කඩුවෙන් පහර දී, මරා දැමූහ. තවද ඉෂ්මායෙල්, මිස්පාහි ගෙදලියා සමඟ සිටි යුදෙව්වරුන් සියලු දෙනා ද එහි සිටි කල්දිවර සෙබළුන් ද මරා දැමී ය.

