යෙරමියා 34
34
සෙදෙකියාට වචනයක්
1බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් හා ඔහුගේ මුළු හමුදාව ද ඔහුගේ අධිරාජ්‍යයට යටත් මිහි පිට සියලු රාජ්‍යයන් හා ඒවායේ මුළු ජනයා ද යෙරුසලමට හා එහි නගරවලට එරෙහිව සටන් වදිද්දී, යෙරමියා වෙත ස්වාමින්වහන්සේ වෙතින් පැමිණි වචනයයි මේ: 2“ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: යන්න, යූදාහි රජු වූ සෙදෙකියා අමතා මෙසේ කියන්න: ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මම මේ පුරවරය බබිලෝනියේ රජු අතට හසුකර දෙන්නෙමි. ඔහු එය ගින්නෙන් දවා දමනු ඇත. 3ඔහුගේ ග්රහණයෙන් නුඹ ගැලවී යන්නේ නැත. නිසැකයෙන් ම නුඹ අල්ලා ගනු ලැබ, ඔහු අතට බාර දෙනු ඇත. නුඹේ ම දෑසින් නුඹ බබිලෝනි රජු දකිනු ඇත. ඔහු මුහුණට මුහුණ ලා නුඹ සමඟ කතා කරනු ඇත. නුඹ බබිලෝනියට යනු ඇත.
4“ ‘එසේ වුවත්, එම්බා යූදාහි රජු වූ සෙදෙකියා, ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙනු! ස්වාමින්වහන්සේ නුඹ ගැන මෙසේ පවසන සේක: නුඹ කඩුවෙන් නසින්නේ නැත. 5නුඹ මියෙනු ඇත්තේ සාමකාමී ව ය. නුඹට කලින් සිටි රජුන් වන නුඹේ පියවරුන්ට ගෞරවයක් වශයෙන් ජනයා අවමඟුල් ගිනි දැල්වූ පරිදි, ඔවුන් නුඹටත් ගෞරව පිණිස අවමඟුල් ගිනි දල්වා, “අහෝ! ස්වාමිනි!” යි කියමින්, නුඹ ගැන වැලපෙනු ඇත. මන්ද මම ම මේ පොරොන්දුව ප්‍රකාශ කරමි’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.”
6එවිට දිවැසිවර යෙරමියා, යෙරුසලමෙහි දී මේ සියල්ල යූදා රජු වූ සෙදෙකියාට පැවසී ය. 7බබිලෝනි රජුගේ සේනාව යෙරුසලමට එරෙහිවත්, තවත් ඉතිරි ව තිබූ පුර-නගරවලට එරෙහිවත් සටන් කරමින් සිටියහ. මන්ද යූදාහි බළකොටු නගර අතර එතෙක් ඉතිරි ව තිබුණේ ලාකීෂ් හා අසේකා පමණි.
වහලුන්ට නිදහස
8ඔවුන්ට නිදහස පිළිබඳව ප්‍රකාශ කරන්නට සෙදෙකියා රජු යෙරුසලමේ මුළු ජනයා සමඟ ගිවිසුමක් කළ පසු, යෙරමියා වෙත ස්වාමින්වහන්සේගෙන් වචනය පැමිණියේ ය; 9හැම කෙනකු ම තමන්ගේ හෙබ්‍රෙව් වහලුන් හා හෙබ්‍රෙව් වහලියන් නිදහස් කළ යුතු විණ. කිසිවකුත් තම සහෝදර යුදෙව්වරයකු වහල් භාවයේ තබා ගත යුතු නැත. 10එබැවින් එම ගිවිසුමට බැඳුණු නිලධාරීන් සැවොම ද ජනතාව ද තම තමන්ගේ වහල් සේවයේ සිටි ස්ත්‍රීන් හා පුරුෂයින් නිදහස් කිරීමටත්, තවදුරටත් වහල් භාවයේ ඔවුන් තබා නො ගැනීමටත් එකඟ වූහ. ඔවුහු ඊට එකඟ වී, ඔවුන් නිදහස් කළහ. 11එහෙත් පසුව සිත වෙනස් කර ගත් ඔවුහු, තමන් විසින් නිදහස් කර හරින ලද වහලුන් හා වහලියන් ආපසු ගෙනවුත්, නැවත වරක් වහල් භාවයට ඔවුන් යටත් කළහ.
12එවිට ස්වාමින්වහන්සේගේ වචනය ස්වාමින්වහන්සේ වෙතින් යෙරමියා වෙත පැමිණියේ ය: 13“ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මා විසින් නුඹලාගේ පියවරුන් වහල්කමේ ගෘහය වන ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා දවසේ මම ඔවුන් සමඟ ගිවිසුමක් කරමින්, මෙසේ පැවසීමි: 14‘ඔබට විකිණෙනු ලැබූ හැම සහෝදර හෙබ්රෙව්වකු හැම හත් වන අවුරුද්දකදී නිදහස් කළ යුතු ය. ඔහු හය අවුරුද්දක් ඔබට සේවය කළ පසු, නිදහස් ව යන්නට ඔබ ඔහුට ඉඩ දිය යුතු ය.’ එහෙත් ඔබගේ පියවරුන් මට කීකරු වූයේවත්, මට සවන් දුන්නේවත් නැත. 15මෑතකදී ඔබ පසුතැවී, මගේ ඇස් හමුවෙහි නිවැරදි දේ කර, ඔබ හැම කෙනෙක් ම තම අසල්වැසියනට නිදහස ප්‍රකාශ කළහ. මගේ නාමය දරන ගෘහයේදී මා අබියස ගිවිසුමක් ද කළහ. 16එහෙත් දැන් නුඹලා අනෙක් අතට හැරී, මගේ නාමය කෙලෙසා ඇත. තමන් කැමති අත යන පිණිස, නුඹලා විසින් ම මුදා හරිනු ලැබූ වහලුන් හා වහලියන්, නුඹලා ආපසු අල්ලා, ගෙනවුත් ඇත. නැවතත් නුඹලාගේ වහලුන් හා වහලියන් වන පිණිස, නුඹලා බලෙන් ම ඔවුන් යටත් කර ගත්හ.
17“එබැවින් ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: නුඹලා මට කීකරු වූයේ නැත. නුඹලාගේ සහෝදරයාට හා ඔහුගේ අසල්වැසියාට නුඹලා නිදහස ප්‍රකාශ කළේ නැත. ඔන්න, එබැවින් කඩුවෙන් ද සාගතයෙන් හා වසංගතයෙන් ද වැටී යාමේ ‘නිදහස’ ප්‍රකාශ කරමියි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. මේ මිහි පිට සියලු රාජ්‍යයන්ට මම නුඹ පිළිකුලක් කරන්නෙමි. 18මගේ ගිවිසුම කඩ කළ, මා අබියස ඔවුන් කළ ගිවිසුමේ කොන්දේසි ඉටු නො කළ මිනිසුන් ඔවුන් විසින් වස්සකු දෙපළු කරනු ලදුව, ඒ පළු මැදින් ඇවිද ගිය පරිදි කරන්නෙමි. 19යූදා නිලධාරීන් ද යෙරුසලම් නිලධාරීන් ද රාජ්‍ය නිලධාරීන්#34:19 රාජ්‍ය නිලධාරීන් හෙවත් නපුංසකයන් ද පූජකයින් හා දේශයේ මුළු ජනයා ද යන වස්සාගේ පළු දෙක මැදින් ඇවිද ගියවුන් 20ඔවුන්ගේ දිවි තොර කරන්නට සොයන ඔවුන්ගේ සතුරන් අතට මම හසුකර දෙන්නෙමි. ඔවුන්ගේ මළ කඳන්, අහසේ පක්ෂීන්ට ද පොළොවේ වන මෘගයින්ට ද ආහාර වනු ඇත.
21“යූදාහි රජු වූ සෙදෙකියා හා ඔහුගේ නිලධාරීන් ඔවුන්ගේ සතුරන් අතට ද ඔවුන්ගේ දිවි තොර කරන්නට සොයන, නුඹලා වෙතින් ආපසු හැරී ගිය බබිලෝනියේ රජුගේ සේනාව අතට ද මම හසුකර දෙන්නෙමි. 22මෙන්න, මම නියෝග කරන්නට සූදානම් ව සිටිමියි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. මම මේ පුරවරයට ඔවුන් නැවත ගෙනෙන්නෙමි. ඔවුන් ඊට එරෙහිව සටන් කොට, එය අල්ලාගෙන, ගින්නෙන් දවා දමනු ඇත. මම යූදාහි නගර කිසිවකුත් එහි නො වසන පරිදි ජරාවාසයක් කරන්නෙමි.”
Currently Selected:
යෙරමියා 34: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.