යෙරමියා 31
31
1“එකල්හි ඉශ්රායෙල් පෙළපත් සියල්ලේ ම දෙවියන්වහන්සේ මා වනු ඇත. ඔවුන් මගේ ජනතාව වනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
2 ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“කඩුවෙන් බේරී ඉතිරි වූ ජනයාට
පාළුකරයේදී අනුග්‍රහය සම්බ විණ.
ඉශ්රායෙල්ට විශ්‍රාමය දෙන්නට මම එන්නෙමි.”
3ඈත එපිට සිට ස්වාමින්වහන්සේ මට පෙනුණු සේක,
“සදාතනික ප්‍රේමයකින් මම ඔබට ප්‍රේම කළෙමි.
එබැවින් ඔබට මගේ විශ්වාසවන්තකම දිගට ම පවත්වා තිබේ.
4නැවතත් මම ඔබ ගොඩ නගන්නෙමි.
ඔබ යළි ගොඩ නැගෙනු ඇත. එම්බා ඉශ්රායෙල් කන්‍යාවිය,
නැවතත් ඔබ, ඔබේ රබන් රැගෙන,
උත්සව පවත්වන්නන් සමඟ නැටුමට බසිනු ඇත.
5සමාරියේ කඳු මත
නැවතත් ඔබ මිදි වතු වවනු ඇත.
වැවිලිකරුවන් ඒවා වවා,
ඒවායේ පල භුක්ති විඳිනු ඇත.
6මන්ද එප්‍රායිම් කඳු රටේ
මුරකරුවන් මෙසේ හඬ ගසන දවසක් උදා වේ:
‘එමු, ස්වාමින්වහන්සේ, අපේ දෙවියන්වහන්සේ වෙත,
සියොනට නැග යමු’ යි” කියනු ලැබේ.
7 ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“යාකොබ් උදෙසා ප්‍රීතියෙන් හඬ නගා ගී ගයන්න;
ජාතීන් අතර ප්‍රධාන ජාතිය උදෙසා ඔල්වරසන් දෙන්න.
ප්‍රකාශ කරමින්, ස්තුති දෙමින් මෙසේ කියන්න.
‘අහෝ ස්වාමින්වහන්ස, ඉශ්‍රායෙල්ගේ ඉතිරි ස්වල්ප දෙනා වන
ඔබේ ජනතාව ගැලෙවුව මැනව.’
8මෙන්න! උතුරු දේශයෙන් මම ඔවුන් ගෙනෙන්නෙමි.
පොළොවේ දුරස්ථ පෙදෙස්වලින් මම ඔවුන් රැස් කරන්නෙමි.
අන්ධයින් හා කොරුන් ද ගැබ්බර කාන්තාවන් හා ප්‍රසව අවස්ථා-ඇත්තියන් ද
ඔවුන් අතරේ වනු ඇත.
මහා ජන සමූහයක් ආපසු එනු ඇත.
9වැලපෙමින් ඔවුන් එනු ඇත.
අස්වසමින් මම ඔවුන් ආපසු ගෙනෙන්නෙමි.
දිය පාරවල් අසලින් ගමන් කරන්නටත්,
පැකිළීමක් නැතිව යා හැකි සමතලා මාවතක ගමන් කරන්නටත් මම ඔවුන්ට සලස්වමි.
මන්ද මම ඉශ්රායෙල්ට පියකු ය.
එප්‍රායිම් මගේ කුලුඳුල් පුත්‍රයා ය.
10“එම්බා ජාතීනි, ස්වාමින්වහන්සේගේ වචනය අසනු.
ඈත එපිට වෙරළබඩ දේශයන්හි මෙය ප්‍රකාශ කරන්න:
‘ඉශ්රායෙල් විසුරුවා දැමූ තැනැත්තාණන් ම ඔවුන් එක් රැස් කරනු ඇත.
ඔහු රැකගන්නේ එඬේරකු තම රංචුව බලාගන්නා සේ ය.’
11 ස්වාමින්වහන්සේ යාකොබ්ගේ වන්දිය ගෙවා,
ඔහුට වඩා ප්රබලයාගේ අතින් ඔහු මුදා ගත් සේක.
12ඔවුන් පැමිණ, සියොන් කඳු මුඳුන්හි සිට මහ හඬින් ගී ගයනු ඇත.
ධාන්‍යයෙන් ද අලුත් මිදි යුෂවලින් හා තෙලින් ද ගව, එළු, බැටළු රංචුවලින් ද යුතු
ස්වාමින්වහන්සේගේ යහ ගුණයෙන්
ඔවුහු ප්‍රීතියෙන් ප්‍රමෝද වෙති.
ඔවුන්ගේ ජීවිත, නිසි සේ ජලය සැපයූ උයනක් මෙන් වනු ඇත.
යළි ඔවුන් මැලවී යන්නේ නැත.
13එකල කන්‍යාවන් නටමින්, ඔකඳ වනු ඇත.
තරුණයින් හා මහල්ලන් ද සතුටින් ප්‍රීති වනු ඇත.
ඔවුන්ගේ වැලපීම, මම ප්රමෝදයට හරවන්නෙමි.
සන්තාපය වෙනුවට මම ඔවුන්ට සැනසිල්ලත්, ප්‍රීතියත් ගෙන දෙන්නෙමි.
14මම බහුලත්වයෙන්, පූජකයින් තෘප්තියට පමුණුවමි.
මගේ ගුණවත්කමින් මගේ ජනතාව ද තෘප්තියෙන් පුරවමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
15 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“කටහඬක් රාමාහි ඇසිණ.
විලාපයක්, දැඩි විලාපයක හඬකි එය.
රාඛෙල් තම දරුවන් ගැන වැලපෙන්නී,
සැනසෙන්නට නො කැමැත්තී ය.
මන්ද උන් ජීවත් ව නැත.”
16 ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ඔබේ කටහඬ වැලපීමෙන් ද
ඔබේ ඇස් කඳුළින් ද වළක්වාගන්න.
මන්ද ඔබේ කාරියට ඉටු විපාක ලැබෙන්නේ යැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“සතුරන්ගේ දේශයේ සිට ඔවුහු පෙරළා එන්නෝ ය.
17එබැවින් ඔබේ අනාගතය ගැන බලාපොරොත්තුවක් තියේ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“ඔබේ දරුවන් තමන්ගේ ම දේශයට පෙරළා එනු ඇත.
18“එප්‍රායිම්ගේ දුක්-ගැනවිල්ල මට ඇසුණේ මෙලෙසිනි:
‘ඔබ, මා හික්මවී ය.
නො දැමුණු ගොන් වස්සකු පරිද්දෙන් මම හික්මවීම ලදිමි.
යළි පිහිටවනු ලබන පිණිස, මා ආපසු ගෙන ආ මැනවි.
මන්ද මගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ ඔබ ය.
19මා ඉවත හැරී ගිය නමුදු,
මම පසුතැවිලි වීමි.
වැටහීම ලද පසු,
මම පපුවට ගසා ගතිමි.
මගේ යොවුන් වියේ අවමානය මා දැරූ බැවින්
මම ලජ්ජාවටත්, නින්දාවටත් පත් වීමි.’
20එප්‍රායිම් මට ප්‍රසන්න වූ දරුවා නො වේ ද?
මගේ ප්‍රේමණීය පුත්‍රයා නො වේ ද?
මා බොහෝ විට ඔහුට එරෙහිව කතා කළා වුව ද
තවමත් මට ඔහු මතක ය.
එබැවින් මගේ හද ඔහු කෙරේ ඇදී යයි.
සැබවින් ම ඔහුට මම දයා කරන්නෙමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
21“ඔබ උදෙසා මාර්ග සලකුණු පිහිටුවා,
මාර්ගෝපකරණ කණු සිටුවා ගන්න.
ඔබ ගමන් ගත් මාර්ගය වන
මහ මාවත ගැන සිහි තබා ගන්න.
ආපසු එන්න, එම්බා ඉශ්රායෙල් කන්‍යාවිය,
ඔබේ ම පුරවරවලට හැරී එන්න.
22එම්බා අවිශ්වාසවන්ත දියණිය,
තව කොපමණ කල් ඔබ දෙගිඩියාවෙන් සිටිනවා ද?
මන්ද ස්වාමින්වහන්සේ පොළොව මත අලුත් දෙයක් මවා තිබේ.
ස්ත්‍රියක් පුරුෂයකු වටකර ගන්නී ය.”
23ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “මා විසින් ඔවුන්ගේ භාග්‍යය යළි පිහිටු වන කල, නැවත වරක් යූදා දේශයේත්, එහි පුර නගරවලත් ජනයා මෙම වචන උපයෝගී කර ගනු ඇත: ‘එම්බා, ධර්මිෂ්ඨ වාසස්ථානය, එම්බා ශුද්ධ කන්ද, ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා!’ යනුවෙනි. 24යූදා හා එහි සියලු පුර-නගරවල ජනයා, ගොවීන් ද තම එළු බැටළු රංචු කැටිව, ඔබ මොබ යන්නන් ද සමඟ එක් ව, වාසය කරති. 25වෙහෙසට පත් වූ, ජීවයන් මම යළි ප්‍රබෝධවත් කරන්නෙමි. මැලවුණු හැම ජීවයක් ම යළි ප්‍රාණවත් කරමි.”
26එවිට මම අවදිව, අවට බලන්නට වීමි. මගේ නින්ද මට බෙහෙවින් ප්‍රසන්න ව තිබිණ.
27“මෙන්න, මිනිස් බීජයෙන් හා සතා සීපා බීජයෙන් මා විසින් ඉශ්රායෙල් වංශය හා යූදා වංශය වපුරන දවස් පැමිණෙන්නේ යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 28“උදුරා දමන්නට ද ඉරා දමන්නට ද බිඳ හෙළන්නට ද විනාශ කරන්නට හා විපත්ති පමුණු වන්නට ද ඔවුන් දෙස පරීක්ෂාවෙන් බලා සිටියා සේ, ගොඩ නගන්නට ද සිටුවන්නට ද මම පරීක්ෂාවෙන් ඔවුන් දෙස බලා සිටිමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
29“ ‘පියවරු ඇඹුල් මිදි පල කෑහ;
දරුවන්ගේ දත් හිරිවැටී ඇතැ’
යි එදවස්හි ජනයා තවත් කියනු නැත.
30ඒ වෙනුවට හැම කෙනකු ම තම තමාගේ පාප නිසා මියෙනු ඇත. ඇඹුල් මිදි පල කන්නේ කවරෙක් ද, ඔහුගේ දත් හිරිවැටෙනු ඇත.
31“මෙන්න! ඉශ්රායෙල් වංශය සමඟ හා
යූදා වංශය සමඟ
මා අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
32“එහෙත් එය ඔවුන්ගේ පියවරුන් සමඟ
මා කළ ගිවිසුම වගේ නො වේ.
මා ඔවුනට සැමියකු වුව ද,
ඊජිප්තු දේශයෙන් පිටතට ඔවුන් පැමිණවීමට
මා ඔවුන්ගේ අතින් ඇල්ලූ දවසේ
කළ මගේ ගිවිසුම ඔවුහු බිඳ දැමූහ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
33“ඒ දවස්වලට පසු ඉශ්රායෙල් වංශය සමඟ
මා කරන ගිවිසුම මෙය වේ” යැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“මම මගේ ව්‍යවස්ථාව ඔවුන් තුළ තබා,
ඔවුන්ගේ හදවත්හි එය ලියන්නෙමි.
මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.
ඔවුහු මගේ ජනතාව වන්නෝ ය.
34තවදුරටත් කිසිවකු තම අසල්වැසියාට උගන්වන්නේවත්,
‘ස්වාමින්වහන්සේ හැඳින ගන්න’
කියා තම සහෝදරයාට පවසන්නේවත් නැත.
තම සහෝදරයාට පවසන්නේවත් නැත.
මන්ද ඔවුන්ගේ ඉතාම සුළු අය පටන් උත්තමයා දක්වා
ඔවුන් සියල්ලෝ ම මා හඳුනති.
මන්ද ඔවුන්ගේ දුෂ්ටකමට මම කමා වන්නෙමි.
ඔවුන්ගේ පව් තවත් සිහි නො කරන්නෙමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
35දහවල එළිය කරන්නට
හිරු සපයා දෙන,
රැයෙහි එළිය දීමට සඳුටත්,
තරුවලටත් නියෝග කරන,
රළ රැළි ඝෝෂා කරවීමට
මුහුද කලඹවන,
ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
සේනාංකවල ස්වාමින්වහන්සේ යනු
උන්වහන්සේගේ නාමයයි.
36“මෙම ස්ථාපිත නියෝග මා හමුවෙන් පහව ගියහොත් මිස,
ඉශ්රායෙල් ප්‍රජාව මා අබියස ජාතියක් ව පැවතීම,
කිසි කලෙක නවතින්නේ නැතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
37 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“ඉහළ අහස් කුස මනින්නට හැකි නම් හා
පහළ පොළෝ ගැබ අත්තිවාරම් සොයන්නට හැකි නම් පමණක්
මම ඉශ්රායෙල් ප්‍රජාව පිටු දකින්නෙමි,
ඔවුන් විසින් කර ඇති සියලු දෑ නිසා යැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
38“මෙන්න, හනනේල් කොත පටන් කොනේ දොරටුව දක්වා ස්වාමින්වහන්සේ උදෙසා පුරවරය යළි ගොඩ නගන දවස් පැමිණේ යැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 39මිනුම් කෝදුව එතැන් සිට ගාරේබ් හෙල තෙක් ඉදිරියට ඇදී ගොස්, එතැනින් ගොවා දක්වා හැරී යයි. 40මළ කඳන් හා අළු ඉවත දමනු ලබන මුළු මිටියාවත ද අශ්ව දොරටු කොන තෙක් නැගෙනහිරින් කිද්‍රොන් නිම්නය දක්වා විහිදුණු කෙත්වත් ද ස්වාමින්වහන්සේට ශුද්ධ වනු ඇත. යළි කිසි කලෙක මෙම පුරවරය උදුරා දමනු ලබන්නේවත්, හෙළා දමනු ලබන්නේවත් නැත.”
Currently Selected:
යෙරමියා 31: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: