YouVersion Logo
Search Icon

යෙරමියා 31:35-37

යෙරමියා 31:35-37 SCV

දහවල එළිය කරන්නට හිරු සපයා දෙන, රැයෙහි එළිය දීමට සඳුටත්, තරුවලටත් නියෝග කරන, රළ රැළි ඝෝෂා කරවීමට මුහුද කලඹවන, ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: සේනාංකවල ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමයයි. “මෙම ස්ථාපිත නියෝග මා හමුවෙන් පහව ගියහොත් මිස, ඉශ්‍රායෙල් ප්‍රජාව මා අබියස ජාතියක් ව පැවතීම, කිසි කලෙක නවතින්නේ නැතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ඉහළ අහස් කුස මනින්නට හැකි නම් හා පහළ පොළෝ ගැබ අත්තිවාරම් සොයන්නට හැකි නම් පමණක් මම ඉශ්‍රායෙල් ප්‍රජාව පිටු දකින්නෙමි, ඔවුන් විසින් කර ඇති සියලු දෑ නිසා යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

Free Reading Plans and Devotionals related to යෙරමියා 31:35-37