යෙරමියා 13:15-16
යෙරමියා 13:15-16 SCV
අහන්න; සවන් දෙන්න; උඩඟු නො වන්න; මන්ද ස්වාමින්වහන්සේ කතා කළ සේක. උන්වහන්සේ අන්ධකාරය ගෙනෙන්නට පළමු ව, ගොම්මනේ කඳු මත ඔබේ පාද පැකිළෙන්නට පළමු ව, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ගෞරව දෙන්න. ඔබ ආලෝකය බලා සිටින අතරේ, උන්වහන්සේ එය ඝන අන්ධකාරයකට ද දැඩි අඳුරකට ද හරවන සේක.

