යාකොබ් 2:10-13
යාකොබ් 2:10-13 SCV
මන්ද මුළු ව්‍යවස්ථාව ම පිළිපැද, ඉන් එක් කොටසක් කඩ වුවහොත් මුළු ව්‍යවස්ථාව ගැන ම වරදකරුවකු වෙයි. “පරදාර සේවනය නො කරනු” යි කී තැනැන්වහන්සේ, “මිනී නො මරනු” කියා ද කී සේක. එබැවින් ඔබ පරදාර සේවනයේ යෙදුණේ නැති වුව ද, මිනී මරන්නේ නම්, නීතිය පිළිබඳ වරදකරුවකු වෙයි. එබැවින් නිදහස් නීතියකින් විනිශ්චයට නියම වූවන් සේ කතා කරන්න; ක්‍රියා කරන්න. මන්ද දයාව නො පෑ තැනැත්තාට විනිශ්චය පැමිණෙන්නේ ද දයා විරහිත ව ය. දයාව විනිශ්චය අභිබවා ජය ගනී.





