යාකොබ් 1:21-25
යාකොබ් 1:21-25 SCV
එබැවින් සියලු අපවිත්‍රතා හා ගහන ව ඇති දුෂ්ටකම ඉවත ලා, ඔබගේ ආත්මය ගලවන්නට සමත්, ඔබ තුළ පැළ කරන ලද වචනය මෘදු ලෙස පිළිගන්න. එහෙත් එය අසන්නන් පමණක් නො වී, තමන් නො රවටාගෙන, වචනය පිළිපදින්නන් වන්න. වචනය අසන්නකු වන නමුත්, එය නො පිළිපදින්නකු වන කවරකු වුව, ඕනෑකමින් කැඩපතකින් තම ස්වාභාවික මුහුණ බලන මිනිසකුට සමාන ය. මන්ද ඔහු තමා දිහා බලා, පිටත් ව ගොස්, තමා කෙබඳුදැයි විගස අමතක කරයි. එහෙත්, සම්පූර්ණ නීතිය වන නිදහසේ නීතිය නිරීක්ෂණ කරමින්, අමතක කරන අසන්නකු නො වී, ඒවා දිගට ම අභ්‍යාස කරන්නා, තමන් කරන දෙයින් ම ආශිර්වාද ලබයි.











