යෙසායා 65:21-22
යෙසායා 65:21-22 SCV
ඔවුන් ගෙවල් තනා, ඒවායේ වාසය කරනු ඇත. ඔවුන් මිදි වතු වවා, එහි පල භුක්ති විඳිනු ඇත. අනුන්ගේ පදිංචියට ඔවුන් ගෙවල් තනන්නේ නැත. අනුන්ගේ පරිභෝජනයට ඔවුන් වගා කරන්නේ නැත. මගේ ජනයාගේ ආයු කාලය, වෘක්ෂයක ආයු කාලය මෙන් වන්නේ ය. මගේ තෝරා ගත්තවුන් තම අත්වල පල දිගු කල් භුක්ති විඳිනු ඇත.





