YouVersion Logo
Search Icon

යෙසායා 61:3-8

යෙසායා 61:3-8 SCV

සියොනෙහි ශෝක වන්නන්ට අළු වෙනුවට මනරම් හිස-පළඳනාවක් ද ශෝකය වෙනුවට ප්‍රීතියේ තෛලය ද කනස්සලු සිතක් වෙනුවට ප්‍රශංසාවේ ඇඳුමක් ද ප්‍රදානය කරන පිණිසත් ය. උන්වහන්සේ විසින් සිටුවන ලද දමිටුකමේ ඕක් ගස් යැයි ඔවුන් හඳුන්වනු ලබන්නට ස්වාමින්වහන්සේගේ තේජස විදහා දක්වන පිණිසත් ය. ඉපැරණි නටබුන් ඔවුන් ගොඩ නගනු ඇත. නැති නාස්ති වූ තැන් පිළිසකර කරනු ඇත. පරම්පරා ගණනාවක් නැති නාස්තියට හැර තිබූ ගරා වැටුණු නගර, ඔවුන් පිළිසකර කරනු ඇත. පිටදේශක්කරුවන් නැවතී, ඔබේ එළු බැටළු රංචු රැක බලා ගනු ඇත. විදේශිකයින් ඔබේ කෙත් වතු හා මිදි වතුවල වැඩකරුවන් වනු ඇත. ඔබ හඳුන්වනු ලබනු ඇත්තේ, ස්වාමින්වහන්සේගේ පූජකයින් කියා ය. අපේ දෙවියන්වහන්සේගේ සේවකයින් යැයි ඔබ ගැන කතා කරනු ඇත. ජාතීන්ගේ සම්පත්වලින් ඔබ පෝෂ්‍ය වනු ඇත. ඔවුන්ගේ වස්තුව තුළ ඔබ පාරට්ටු කර ගනු ඇත. ලද ලජ්ජාව වෙනුවට ඔබට දෙපංගුවක් ලැබේ. නින්දාව වෙනුවට ඔබ තම කොටසේ ප්‍රීති ප්‍රමෝද වනු ඇත. එබැවින් ඔබේ දේශයෙහි ඔබ දෙපංගුවක් උරුම කර ගන්නෝ ය. සදාතන ප්‍රීතිය ද ඔබට ම වන්නේ ය. මන්ද ස්වාමින්වහන්සේ වන මම යුක්තියට ප්‍රේම කරන්නෙමි. මංකොල්ලයටත්, අපරාධයටත් මම වෛර කරමි. මගේ විශ්වාසවන්තකමින් මම ඔවුනට ඉටු විපාක දී, ඔවුන් සමඟ සදාතනික ගිවිසුමක් කරන්නෙමි.

Free Reading Plans and Devotionals related to යෙසායා 61:3-8