YouVersion Logo
Search Icon

යෙසායා 60:15-20

යෙසායා 60:15-20 SCV

“අත්හැර දමනු ලැබ, වෛර කරනු ලැබ, කිසිවකුත් ඔබ මැදින් ගමන් කරනු නො ලැබ, ඔබ සිටි නමුදු, මම ඔබ සදාතනික ආඩම්බරයක් ද යුගයෙන්-යුගයට ප්‍රීතියක් ද කරන්නෙමි. ජාතීන්ගේ කිරි උරා බොන ඔබ රාජකීය ළය මඬලින් පෝෂණය ලබනු ඇත. එවිට ස්වාමින්වහන්සේ වන මා, ඔබේ ගැලවුම්කරුවාණන් වග, ඔබේ මිදුම්කරුවාණන් වග, යාකොබ්ගේ බලවන්තයාණන් වග ඔබ දැනගනු ඇත. ලෝකඩ වෙනුවට මම ඔබට රත්රන් ගෙනෙන්නෙමි. යකඩ වෙනුවට රිදී ද ලී වෙනුවට ලෝකඩ ද ගල් වෙනුවට යකඩ ද මම ඔබට ගෙනෙන්නෙමි. මම, ඔබේ පරීක්ෂකයින් සාමය වන්නට ද ඔබේ වැඩ ප්‍රධානීන් ධර්මිෂ්ඨකම වන්නට ද සලස්වන්නෙමි. සැහැසිකම ගැන, ඔබේ දේශයෙහි තවත් අසන්නට ලැබෙන්නේ නැත. වැනසීම හා විනාශය ගැන, ඔබේ සීමා ඇතුළත ඇසෙනු නැත. ඔබේ පවුරු ගැලවීම කියා ද ඔබේ දොරටු ප්‍රශංසාව කියා ද ඔබ පවසනු ඇත. තවදුරටත් ඔබේ දහවලේ එළිය හිරු නො වේ. සඳුගේ දීප්තිය ද ඔබට එළිය ගෙන නො දේ. එහෙත් ස්වාමින්වහන්සේ ඔබේ සදාතනික එළිය වන සේක. ඔබේ දෙවියන්වහන්සේ ඔබේ තේජස වන සේක. ඔබේ හිරු යළි කිසි දින බැස යන්නේ නැත. ඔබේ සඳු තවදුරටත් අවපසට යන්නේ නැත. ඔබේ සදාතනික එළිය වන්නේ ස්වාමින්වහන්සේ ය. ඔබේ සෝ-දුක් දවස් නිමාවට පත් වන්නේ ය.

Free Reading Plans and Devotionals related to යෙසායා 60:15-20