YouVersion Logo
Search Icon

යෙසායා 5:13-17

යෙසායා 5:13-17 SCV

එබැවින්, වැටහීම මද බැවින්, මගේ ජනයා වහල්කමට යනු ඇත. ඔවුන්ගේ උසස් නිල දරන්නන්, කුස ගින්නෙන් මියෙනු ඇත. ඔවුන්ගේ පොදු ජනයා, පිපාසයෙන් වේලෙනු ඇත. එබැවින් මිනී වළ, එහි ගිරිය පුළුල් කර, පමණ ඉක්මවා කට ඇරගත් ගමන් ය. ඔවුන්ගේ වංශවතුන් මෙන් ම පොදු ජනයා ද ඔවුන්ගේ කලහකාරීන් හා ප්‍රියසාදකරුවන් ද එහි, පල්ලම් බසිනු ඇත. එබැවින්, මිනිසා පහත් කරනු ලැබේ. හැම කෙනෙක් ම යටත් කරනු ලැබේ. උඩඟු ඇස් ඇත්තවුන් යටත් කරනු ලැබේ. එහෙත්, සේනාංකවල ස්වාමින්වහන්සේ යුක්තිය මගින් උසස් කෙරේ. ශුද්ධ වූ දෙවියන්වහන්සේ, තමන්වහන්සේ ශුද්ධවත් වග තම ධර්මිෂ්ඨ ක්‍රියා මගින් පෙන්වන සේක. එකල බැටළු පැටවුන් තමන්ගේ ම තණ පිටිවල මෙන් තණ බුදිනු ඇත; ධනවතුන්ගේ පාළු-නටබුන් අතරේ බැටළුවන් අහර ලබනු ඇත.

Free Reading Plans and Devotionals related to යෙසායා 5:13-17