යෙසායා 45:9-13
යෙසායා 45:9-13 SCV
“තම නිමැවුම්කරුවාණන් සමඟ දබර කරන්නාට දුක් වේ. ඔහු, පොළොවේ මැටි බඳුන් අතරේ එක් බඳුනක් පමණි. ‘කුමක් ද ඔබ සාදන්නේ?’ යි මැටි පිඩ එය හැඩගැන් වූ තැනැත්තාට කියයි ද? නැතහොත් ‘ඔබගේ වැඩවල හැඩයක් නැතැ’ යි කියයි ද? පියකු අමතා, ‘කුමක් ද ඔබ ජනිත කරන්නේ?’ යි කියන්නාට ද මවක අමතා, ‘කුමක් ද ඔබ බිහි කරන්නේ?’ යි කියන්නාට ද දුක් වේ! “ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ ද එහි නිමැවුම්කරුවාණන් ද වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මතු පැමිණෙන දෑ සම්බන්ධයෙන්, මගේ දරුවන් ගැන ඔබ මගෙන් ප්‍රශ්න කරනවා ද? නැතහොත්, මගේ අත්වල වැඩ ගැන මට නියෝග දෙනවා ද? මේ පොළොව සෑදුවේත්, ඒ මත මිනිසා මැවුවේත් මම ය. අහස් කුස විහිදා හැරියේ මගේ ම අත්වලිනි. එහි තරු මඩුළු පිළියෙල කළේත් මම ය. මගේ දමිටුකමින්, මම කෝරෙෂ් නැගුටුවන්නෙමි. ඔහුගේ හැම මාර්ගයක් ම මම ඇද නැති කරවන්නෙමි. ඔහු, මගේ පුරවරය යළි ගොඩ නගනු ඇත; පිටුවහල් ව සිටින මගේ ජනයා නිදහස් කරනු ඇත. එහෙත් ඒ, කිසිදු ගෙවීමකට හෝ පාරිතෝෂයකට නො වේ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක.





