යෙසායා 45:2-3
යෙසායා 45:2-3 SCV
මම ඔබට පෙරටුව යමින්, කඳු සමතලා කරන්නෙමි. මම ලෝකඩ දොරටු බිඳ, යකඩ දොර පොලු කපා දමන්නෙමි. අන්ධකාරයෙහි නිධාන සහ රහස් තැන්වල නිධන්ගත ධනය මම ඔබට දෙන්නේ, ඔබේ නම කියා ඔබ කැඳවන මා ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වග ඔබ දැනගන්නා පිණිස ය.





