YouVersion Logo
Search Icon

යෙසායා 45:14-17

යෙසායා 45:14-17 SCV

ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ඊජිප්තුවේ ධනය ද කූෂ්හි වෙළඳ භාණ්ඩ ද උස මිනිසුන් වන සෙබාවරුන් ද ඔබ වෙත පැමිණ, ඔබට අයිති වනු ඇත. ඔවුහු ඔබ පසු පස ඇදෙනු ඇත. යදමින් බැඳි ඔවුන් ඔබ වෙත අවුත්, ඔබ ඉදිරියේ වැඳ වැටී, ඔබට ආයාචන කරමින්, ‘සැබවින් ම දෙවියන්වහන්සේ ඔබ තුළ ය. වෙනත් දෙවි කෙනකු නැත. වෙනත් කිසි කෙනකු නැතැ’ යි කියනු ඇත.” සැබවින් ම ඔබ, තමා ම සැඟවෙන දෙවියන්වහන්සේ කෙනෙක. අහෝ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ගැලවුම්කරුවාණන්වහන්ස; ඒ සියල්ලෝ ලජ්ජාවටත්, නින්දාවටත් පමුණුවනු ලබති. පිළිම හදන ඔවුන් එක් ව, වියවුල්කමට යනු ඇත. එහෙත් ඉශ්‍රායෙල් ස්වාමින්වහන්සේ විසින් සදාතන ගැලවීමකින් ගලවනු ලබන්නෝ ය. ඔබ ලජ්ජාවට හෝ නින්දාවට හෝ පත් කරනු ලබන්නේ නැත සදහට ම.

Free Reading Plans and Devotionals related to යෙසායා 45:14-17