යෙසායා 45:1-3
යෙසායා 45:1-3 SCV
“ස්වකීය අභිෂේක ලද්දාණන්ට, ඔහු ඉදිරියේ ජාතීන් යටත් කරවන්නටත්, රජුන් නිරායුධ කරන්නටත්, ගේට්ටු වසා නො තබන පිණිස ඔහු ඉදිරියේ දොරටු විවර කරන්නටත් මවිසින් දකුණතින් අල්ලා ගත් තැනැත්තාට, කෝරෙෂ්ට, ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මම ඔබට පෙරටුව යමින්, කඳු සමතලා කරන්නෙමි. මම ලෝකඩ දොරටු බිඳ, යකඩ දොර පොලු කපා දමන්නෙමි. අන්ධකාරයෙහි නිධාන සහ රහස් තැන්වල නිධන්ගත ධනය මම ඔබට දෙන්නේ, ඔබේ නම කියා ඔබ කැඳවන මා ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වග ඔබ දැනගන්නා පිණිස ය.





