යෙසායා 37:14-20
යෙසායා 37:14-20 SCV
පණිවුඩකරුවන් වෙතින් ලිපිය ගත් හෙසකියා එය කියවී ය. ඉන්පසු හෙසකියා ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත ගොස්, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි එය දිග හළේ ය. හෙසකියා ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ! සේනාංකවල ස්වාමින්වහන්ස, කෙරුබ්වරුන් මැද සිංහාසනාරූඪ, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, මිහි පිට සියලු රාජ්‍යයන්ට දෙවියන්වහන්සේ ඔබ ය. ඔබ පමණක් ම ය. අහසත්, පොළොවත් මැවුවේ ඔබවහන්සේ ය. සවන් දී අසන්න, අහෝ ස්වාමින්වහන්ස; ඔබේ ඇස් විවර කර බලන්න, අහෝ ස්වාමින්වහන්ස; ජීවමාන දෙවියන්වහන්සේට නිග්‍රහ කරමින් සෙනකෙරීබ් විසින් එවන ලද වචන සියල්ලට සවන් දෙන්න. “අහෝ ස්වාමින්වහන්ස, සියලු ජාතීන් හා ඔවුන්ගේ දේශ අසිරියාවේ රජුන් විසින් වනසා දමන ලද වග සැබෑ ය. ඔවුහු ඒ ජාතීන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුෑහ. මන්ද ඔවුන් දෙවිවරුන් නො වෙයි. මිනිස් අතින් නිමැවුණු ලී හා ගල් පමණක් ම ය. එබැවින් ඔවුහු විනාශ කරන ලදහ. එබැවින් දැන් අහෝ ස්වාමින්වහන්ස, අපේ දෙවියන්වහන්ස, මිහි පිට සියලු රාජ්‍යයන් ස්වාමින්වහන්සේ වන ඔබ පමණක් දෙවියන්වහන්සේ වග දැනගන්නා පිණිස, ඔහු අතින් අප මුදා ගත මැනව” යි ඉල්ලී ය.



