යෙසායා 30
30
වැඩකට නැති ඊජිප්තුව
1“ඔවුහු සැලසුම් ඉටුකරගෙන යති.
එහෙත් එය මගේ නො වේ.
ඔවුහු සන්ධානයක් ඇතිකර ගනිති. එහෙත් මගේ ආත්මයාණන්ගෙන් නො වෙයි.
පාප පිට පාප ගොඩ ගසා ගන්නා, අහෝ හිතුවක්කාර දරුවනි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
2“මගෙන් උපදෙස් නො විමසා,
ඊජිප්තුව බලා යෑමට ඔවුන් පිටත් වූයේ
පාරාවෝගේ ආරක්ෂාවේ රැකවරණය හා
ඊජිප්තු සෙවණැල්ලේ සෙවණ සොයමිනි.
3එහෙත් පාරාවෝගේ ආරක්ෂාව, ඔබගේ ලජ්ජාවට හේතු වනු ඇත.
ඊජිප්තු සෙවණැල්ලේ සෙවණ, ඔබේ නින්දාවට හේතු වනු ඇත.
4මන්ද සොවන්හි ඔවුනට නිලධාරීන් සිටිතත්,
ඔවුන්ගේ තානාපතීන් හානේස් වෙත පැමිණ සිටියත්,
5ඔවුන්ට ප්‍රයෝජනයක් නැති ජනතාවක් මගින්,
හැම කෙනෙක් ම ලජ්ජාවට පත් කෙරේ;
එමඟින් අත්වන්නේ, උපකාරයක් හෝ ලාභයක් හෝ නො ව
ලජ්ජාවත්, නින්දාවත් පමණි.”
6නෙගෙබ්හි#30:6 නෙගෙබ්හි එනම් දකුණු දිශාව සතුන් පිළිබඳ දිව්‍ය ප්‍රකාශනයකි:
දුෂ්කරතාවේ හා සංතාපයේ ද
සිංහ ධේනුවනගේ හා සිංහයින්ගේ ද
පොළඟුන්ගේ හා ඉගිළෙන විසකුරු සර්පයින්ගේ ද දේශය මැදින්
ඔවුහු තම ධනය බූරුවන් පිට ද තම වස්තුව,
ඔටුවන්ගේ මොල්ලි මත ද තබාගෙන,
ප්‍රයෝජනයක් නැති ජාතියක් වෙත රැගෙන යති.
7ඊජිප්තුවේ උපකාරය කමකට නැති, හිස් එකකි.
එබැවින්, “වැඩකට නැති රහබ්” යි
මම ඇය ඇමතීමි.
8දැන් යන්න; ඔවුන් ඉදිරිපිට පුවරුවක එය ලියන්න.
මතු අනාගතය සඳහා
සදාතනික සාක්ෂියක් වන පිණිස,
පොතක එය ලියන්න.
9මන්ද මොවුහු කැරලිකාර ජනතාවකි. බොරුකාර දරුවෝ ය.
ස්වාමින්වහන්සේගේ උපදෙස්වලට සවන් දීමට නො කැමති දරුවෝ ය.
10ඔවුහු දර්ශන දකින්නන් අමතා,
“තවත් දර්ශන නො දකින්නැ” යි ද
අනාගතවක්තෘවරුන් අමතා,
“නිවැරදි වූ අනාවැකි නො කියන්න
ප්‍රිය ප්‍රසන්න දෑ ගැන අපට කියන්න.
මායාකාරී අනාවැකි පවසන්න.
11මේ මාර්ගයෙන් බැහැර වන්න.
මේ මාවතින් ඉවත් වන්න.
ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ
අපට මුණ ගැස්සවීම නවතන්නැ” යි කියති.
12එබැවින්, ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ මෙසේ කියන සේක:
“නුඹලා මේ වචනය ප්‍රතික්ෂේප කොට,
පීඩනය මත විශ්වාසය තබා,
රැවටිල්ලේ ම රඳා සිටින බැවින්,
13මේ පාපය නුඹලාට
ඉරි තැළී, ඇල ගසා, කඩා වැටෙන්නට ඔන්න-මෙන්න වූ
සැණෙකින් බිඳ වැටෙන උස තාප්පයක් මෙන් වන්නේ ය.
14එහි බිඳුම, මැටි බඳුනක් කැබලි වී යන්නා සේ ය.
මේ සා සැහැසි ලෙස එය බිඳිනු ලබනු ඇත.
එනම්, එහි කැබලි අතර, උදුනකින් ගිනි අඟුරු ගැනීමට හෝ
කටාරමකින් ජලය හැදීමට ප්‍රමාණවත්
කැබැල්ලක් සොයා ගැනීමට නො හැකි වන තරමට ය.”
15ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“පසුතැවිලි වීමෙන් හා විවේකී ව සිටීමෙන් ඔබ ගලවනු ලැබේ;
සන්සුන් ව හා විශ්වාසී ව සිටීම, ඔබගේ ශක්තියයි.
එහෙත් ඔබ කැමති වූයේ නැත.
16ඔබ කියා ඇත්තේ, ‘නැත, අපි අසු පිට පලායන්නෙමු’ කියා ය.
එබැවින් ඔබ පලායන්නෝ ම ය!
‘අපි ජව වේගවත් අශ්වයින් පිට යන්නෙමු’ යි ඔබ කීහ.
එබැවින්, ඔබ ලුහුබැඳ එන්නෝ ජව වේගවත් වන්නෝ ම ය!
17කඳු මුඳුනක කොඩි ගහක් සේ,
කඳු ගොඩැල්ලක ධජයක් සේ,
ඔබ තනි වන තුරු,
කෙනකුගේ තර්ජනයෙන්
ඔබෙන් දහසක් ද
පස් දෙනකුගේ තර්ජනයෙන්
ඔබ සැවොම ද පලා දුවනු ඇත.”
18එසේ ද වුව, ඔබට දයාන්විත වීමට ස්වාමින්වහන්සේ බලා සිටින සේක්,
ඔබට අනුකම්පා දක්වන්නට උන්වහන්සේ නැගී සිටින සේක.
මන්ද ස්වාමින්වහන්සේ, යුක්තියේ දෙවියන්වහන්සේ ය.
උන්වහන්සේ ගැන බලා හිඳින සියල්ලෝ භාග්‍යවත්හු ය.
19එම්බා යෙරුසලම් වැසි සියොනෙහි ජනයිනි, නුඹලා තවත් වැලපෙන්නේ නැත. නුඹලා උපකාර ඉල්ලා මොර ගසන කල, උන්වහන්සේ කොතරම් දයාබරිත ද! උන්වහන්සේට ඇසුණු විගස, උන්වහන්සේ ඔබට පිළිතුරු දෙනු ඇත. 20ස්වාමින් ඔබට විපත්තියේ ආහාරත්, සංතාපයේ ජලයත් දෙන නමුදු, නුඹේ ගුරුවරයාණන්#30:20 ගුරුවරයාණන් හෙබ්‍රෙව් ගුරුවරු තවදුරටත් සැඟවී සිටින්නේ නැත. ඔබේ ම ඇස්වලින් ඔබේ ගුරුවරයාණන් ඔබ දකිනු ඇත. 21ඔබ දකුණට හැරුණ විටත්, වමට හැරුණ විටත්, “මේකයි මාර්ගය, එහි ගමන් ගන්නැ” යි කියන කටහඬක් ඔබට පිටුපසින් ඔබේ සවනට ඇසෙනු ඇත. 22එවිට ඔබ, රිදී ගෑ ඔබේ දේව පිළිම හා රන් ආලේපිත ඔබේ දේව රූප, ජරා කැත-කුණු තැවරුණු රෙදි කඩක් සේ ඉවත දමමින්, “නො පෙනී යව” යි ඒවාට කියනු ඇත.
23පොළොවේ ඔබ වපුරන බීජ උදෙසා උන්වහන්සේ වැස්ස එවන සේක. පොළොවෙන් උපදනා ආහාර සරුසාරවූත්, බහුල වූත් ඒවා වෙයි. ඒ දවසේ ඔබගේ ගව මහේෂාදීන් සුවිසල් තණ බිම්වල අහර බුදිනු ඇත. 24සී සානා ඔබගේ ගවයින් ද බූරුවන් ද සවලෙන් හා මුල්ලුවෙන් පෙරළා ඇනූ රසවත් සත්ව අහර බුදිනු ඇත. 25මහා ඝාතනයේ දවසේ බළකොටු කඩා වැටෙන කල, හැම උස් කන්දකින් හා හැම උස් කඳු ගොඩැල්ලකින් ජල ධාරා ගලා යනු ඇත. 26ස්වාමින්වහන්සේ තම ජනයාට වූ තැළුම් බැඳ, ඔවුන්ට උන්වහන්සේ කළ තුවාල සුව කරන දවසේ සඳු බබළන්නේ හිරු පරිද්දෙනි. පූර්ණ හත් දවසක එළිය සේ හිරු එළිය හත් ගුණයකින් දීප්තිමත් වනු ඇත.
27අන්න! ඈත එපිට සිට ස්වාමින්වහන්සේගේ නාමය එන්නේ
ඇවිළෙන කෝපය ද ගන දුම් වලා ද සමඟිනි;
උන්වහන්සේගේ තොල්, උදහසින් පූර්ණ ය.
උන්වහන්සේගේ දිව, දවා දමන ගින්නකි.
28උන්වහන්සේගේ හුස්ම,
ගෙල දක්වා නැග එන වේගවත් ජල ප්‍රවාහයක් වැන්න.
උන්වහන්සේ විනාශයේ පෙනේරයෙන් ජාතීන් හලන සේක.
තවද ජාතීන් මුළාව ගෙන යන පිණිස
උන්වහන්සේ ඔවුන්ගේ හකුවල කටකලියා දමන සේක.
29ශුද්ධ මංගල්‍ය පවත්වන රැයේදී මෙන්
ඔබට ගීයක් තිබෙනු ඇත.
ඉශ්‍රායෙල්හි පර්වතයාණන් වූ ස්වාමින්වහන්සේගේ කන්ද වෙත
කෙනකු නළා පිඹිමින්,
නැග යන කල්හි මෙන්
ඔබේ හද ප්‍රීතියෙන් පිනා යනු ඇත.
30 ස්වාමින්වහන්සේ තම මහානුභා කටහඬ, මිනිසුන්ට ඇසෙන්නට සලසන සේක.
උන්වහන්සේ තම බාහුව, වියරු කෝපයෙන් ද දවාලන ගින්නෙන් ද
ධාරානිපාත හදිසි වර්ෂාවෙන් ද මේඝ ගර්ජනා සහිත කුණාටුවෙන් ද ගල් වර්ෂාවෙන් ද යුතු ව බැස එනු
මිනිසුන්ට පෙනෙන්නට සලසන සේක.
31 ස්වාමින්වහන්සේගේ කටහඬට, අසිරියාව භීතියෙන් ඇලළෙනු ඇත;
උන්වහන්සේ තම මුගුරෙන් ඔවුන් ගසා හෙළනු ඇත.
32 ස්වාමින්වහන්සේ යුද්ධයේදී තම බාහු පහරින් ඔවුන් හා සටන් කරද්දී,
ඔවුනට දඬුවම් දෙන තම කෙවිටෙන්
ඔවුන් පිට හෙළන හැම පහරක් ම,
රබන් හා වීණාවල සංගීතයට අනුව වනු ඇත.
33බොහෝ කලෙක පටන් තොෆෙත් සූදානම් කොට ඇත.
රජු සඳහා එය ලැහැස්ති කොට ඇත.
එහි ගිනිවළ ගැඹුරින් හා පළලින් යුතු ව තනා,
දර ගොඩ ගසා ඇත.
ස්වාමින්වහන්සේගේ හුස්ම,
ඇවිළෙන ගෙන්දගම් ඔයක් මෙන්
ඊට ගිනි අවුළුවනු ඇත.
Currently Selected:
යෙසායා 30: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: