YouVersion Logo
Search Icon

යෙසායා 30:15-18

යෙසායා 30:15-18 SCV

ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “පසුතැවිලි වීමෙන් හා විවේකී ව සිටීමෙන් ඔබ ගලවනු ලැබේ; සන්සුන් ව හා විශ්වාසී ව සිටීම, ඔබගේ ශක්තියයි. එහෙත් ඔබ කැමති වූයේ නැත. ඔබ කියා ඇත්තේ, ‘නැත, අපි අසු පිට පලායන්නෙමු’ කියා ය. එබැවින් ඔබ පලායන්නෝ ම ය! ‘අපි ජව වේගවත් අශ්වයින් පිට යන්නෙමු’ යි ඔබ කීහ. එබැවින්, ඔබ ලුහුබැඳ එන්නෝ ජව වේගවත් වන්නෝ ම ය! කඳු මුඳුනක කොඩි ගහක් සේ, කඳු ගොඩැල්ලක ධජයක් සේ, ඔබ තනි වන තුරු, කෙනකුගේ තර්ජනයෙන් ඔබෙන් දහසක් ද පස් දෙනකුගේ තර්ජනයෙන් ඔබ සැවොම ද පලා දුවනු ඇත.” එසේ ද වුව, ඔබට දයාන්විත වීමට ස්වාමින්වහන්සේ බලා සිටින සේක්, ඔබට අනුකම්පා දක්වන්නට උන්වහන්සේ නැගී සිටින සේක. මන්ද ස්වාමින්වහන්සේ, යුක්තියේ දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ ගැන බලා හිඳින සියල්ලෝ භාග්‍යවත්හු ය.

Free Reading Plans and Devotionals related to යෙසායා 30:15-18