යෙසායා 27
27
ඉශ්‍රායෙල්හි මිදීම
1ඒ දවසේ,
ස්වාමින්වහන්සේ ස්වකීය දැඩි, බලවත් සහ සවිමත් අසිපතින්,
මග හැර ඇදී යන සර්පයා වූ ලෙවියාතන්ට,
ඇඹරෙමින් යන සර්පයා වූ ලෙවියාතන්ට,
දඬුවම් කරන සේක;
උන්වහන්සේ මුහුදේ සිටින මකරා ද මරා දමන සේක.
2ඒ දවසේ
“ප්‍රසන්න මිදි වත්තක් ගැන ගී ගයන්න!
3 ස්වාමින්වහන්සේ වන මා එහි පාලකයා ය.
නිති පතා ඊට වතුර වත් කරන්නෙමි.
කිසිවකුත් ඊට හානි නො කරන පරිදි
රැයේත්, දවාලේත් මම එය සුරකින්නෙමි.
4මා කෝපයෙන් නො වේ.
නෙරෙංචි හා කටු මට එරෙහිව නැග ආවොත්,
ඊට එරෙහිව සක්මන් කොට,
මම ඒවා එකට ගිනිලන්නෙමි.
5නැතහොත්, ඔවුන් මගේ රැකවරණය සොයා එත්වා.
ඔවුන් මා හා සාමය ඇතිකර ගනිත්වා.
එසේය, ඔවුන් මා හා සාමය සලසා ගනිත්වා.”
6මතු දවස්හි යාකොබ් වංශය, මුල් අදිනු ඇත.
ඉශ්‍රායෙල් ජාතිය දළු-මල් ලා,
මුළු ලොව ම පලවලින් පුරවනු ඇත.
7ඔවුන්ට පහර දුන්නවුන්ට උන්වහන්සේ පහර දුන් සේ
උන්වහන්සේ ඔවුන්ටත් පහර දුන්නා ද?
නැතහොත් ඔවුන් මැරූ මිනී මරුවන් මරනු ලැබූ සේ,
ඔවුහු ද මරා දමනු ලැබුවෝ ද?
8යුද්ධ සංග්‍රාමයෙන් සහ පිටුවහල් කිරීමෙන්, ඔබ ඔවුන් සමඟ ගැටිණ.
පෙරදිග සුළං දවසේදී මෙන්,
උන්වහන්සේ තම රුදුරු සැඩ සුළඟින් ඔවුන් ඉවත හළ සේක.
9එබැවින් මෙමඟින් යාකොබ්ගේ අයුතුකමේ දඬුවම කමා කෙරේ;
ඔහුගේ පාප පහ කිරීමේ සම්පූර්ණ පලය ද මෙය වන්නේ ය:
සියලු පූජාසනවල ගල්,
කැබලිවලට තැලූ හුණුගල් සේ වන්නට, ඔහු සැලසූ කල,
අෂේරා සැමරුම් කණු හා සුවඳ දුම් පූජාසන එකකුදු
තවත් ඉතිරි වී නො තිබෙනු ඇත.
10මන්ද බළකොටු නගරය හුදකලා වී,
පාළු වූ ජනාවාසයක් ව, පාළුකරය සේ අත්හැර දමනු ලැබ ඇත.
වසු පැටව්, එහි තණ බුදිනු ද
ලැග සිටිනු ද ඇත.
එහි අතු රැහැ කා දමනු ඇත.
11එහි අතු-රිකිලි වියැළුණු කල, ඒවා කඩා දැමේ.
ස්ත්‍රීහු අවුත්, ඒවායින් ගිනි දල්වති.
මන්ද මෙම ජනතාව වැටහීමක් නැති ජනතාවකි.
එබැවින් ඔවුන්ගේ සැදුම්කරුවාණෝ ඔවුන්ට අනුකම්පා නො කරන සේක.
ඔවුන්ගේ මැවුම්කරුවාණෝ ඔවුන්ට කරුණාවක් නො පෙන්වන සේක.
12ඒ දවසේ ස්වාමින්වහන්සේ ගංගාවේ#27:12 ගංගාවේ එනම් යුප්‍රටීස් ගැඹුරු දියේ පටන්, ඊජිප්තු ඇළ තෙක් ගොයම මඩිනු ඇත. එම්බා ඉශ්‍රායෙල් ජනයිනි, නුඹලා එක්කෙනා බැගින් අහුලනු ලබනු ඇත. 13ඒ දවසේ මහා හොරණෑවක් හැඬ වේ. අසිරියාවේ නැති වී සිටින්නවුන් ද ඊජිප්තු දේශයට පලවා හරිනු ලැබූවන් ද අවුත්, යෙරුසලමෙහි ශුද්ධ කන්ද මතදී ස්වාමින්වහන්සේට නමස්කාර කරනු ඇත.
Currently Selected:
යෙසායා 27: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.