යෙසායා 2:3-5
යෙසායා 2:3-5 SCV
බොහෝ ජනයා අවුත්, “එන්න, අපි ස්වාමින්වහන්සේගේ කන්දට නැග යමු. යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයට යමු. ස්වකීය මාවත්වල අප පියමං කරන පිණිස, උන්වහන්සේ තම මාර්ග අපට උගන්වනු ඇතැ” යි කියනු ඇත. මන්ද ව්‍යවස්ථාව, සියොන වෙතින් ද ස්වාමින්වහන්සේගේ වචනය, යෙරුසලම වෙතින් ද පිටත් ව එන්නේ ය. උන්වහන්සේ ජාතීන් අතරේ විනිශ්චය කරන සේක. බොහෝ ජනයින් උදෙසා ආරවුල් සමථය කරන සේක. ඔවුන් තම කඩුපත්වලින්, නඟුල් තල ද තම හෙල්ලවලින්, කප්පාදු කැති ද තලාගනු ඇත. ජාතියකට එරෙහිව ජාතියක් අසිපත් දරන්නේවත්, තවත් ඔවුන් යුද්ධයට පුහුණු වන්නේවත් නැත. එම්බා යාකොබ් වංශය, එන්න! අපි ස්වාමින්වහන්සේගේ ආලෝකයෙහි ඇවිදිමු.





