යෙසායා 14:12-14
යෙසායා 14:12-14 SCV
ස්වර්ගයෙන් නුඹ වැටී ගිය හැටි! එම්බා පහන් තරුව, අරුණැල්ලේ පුත්‍රය, ජාතීන් බිමට ම හෙළූ නුඹ, මහ පොළොවට හෙළා දැමුණු හැටි! නුඹේ හද තුළ නුඹ මෙසේ කීවෙහි ය: “මම ස්වර්ගයට නැගෙන්නෙමි. දෙවියන්වහන්සේගේ තරුවලට ඉහළින් මගේ සිහසුන පිහිටු වන්නෙමි. මම හමුවීමේ කන්ද මත, සාෆෝන් කන්දේ උස ම කඳු ගැටි මත හිඳගන්නෙමි. මම වලාකුළු මුදුන්වලට ඉහළින් නැගී, මම, මහෝත්තමයාණන් වාගේ මා පත් කර ගන්නෙමි.”





