යෙසායා 14:1-4
යෙසායා 14:1-4 SCV
ස්වාමින්වහන්සේ, යාකොබ්ට අනුකම්පා කරන සේක, යළිත් ඉශ්‍රායෙල් තෝරා ගෙන, ඔවුන්ගේ ම දේශයේ ඔවුන් පදිංචි කරවනු ඇත. විදෙස්සන් ද ඔවුනට එක් වී, යාකොබ් වංශය හා බැඳෙනු ඇත. නොයෙක් ජාතීන් විසින් ඉශ්‍රායෙල්වරු ඔවුන්ගේ රටට ගෙනවුත්, ඇරලවනු ලබති. ස්වාමින්වහන්සේගේ දේශයේදී ඉශ්‍රායෙල් වංශය, ඒ ජාතීන් පිරිමි හා ගැහැණු වහල් සේවක සේවිකාවන් වශයෙන් අයිති කර ගනු ඇත. තමන් වහල්කමට ගත්තවුන් තමන් විසින් වහල්කමට ගන්නා ඔවුන්, තමන්ට පීඩා කළ පීඩකයින් පාලනය කරනු ඇත. දුක්-පීඩාවලින් හා ආරවුලින් ද ඔබට මෙහෙ කරන්නට සිදු වූ දුෂ්කර සේවයෙන් ද ස්වාමින්වහන්සේ ඔබට සැනසිල්ල ගෙන දුන් කල, බබිලෝනි රජුට එරෙහිව ඔබ මෙම සමච්චලය යොදා ගනු ඇත. පීඩකයා අවසානයකට පැමිණි හැටි! අහංකාර වියරුව කෙළවර වූ හැටි!

