YouVersion Logo
Search Icon

යෙසායා 1:13-17

යෙසායා 1:13-17 SCV

නිරර්ථක පූජා ගෙන ඒම නවත්වන්න. ඔබේ සුවඳ දුම් පූජා මට පිළිකුලකි. නව සඳ හා සබත් ද සභා සමුළු යන ඔබේ දුෂ්ට එක් රැස්වීම් මට දැරිය නො හැක. ඔබේ නව සඳ උත්සවවලට හා ඔබේ නියමිත මංගල්‍යවලට මම ද්වේෂ කරමි. ඒවා මට බරක් වී ඇත. ඒවා දැරීමෙන්, මම වෙහෙසට පත් ව සිටිමි. ඔබේ අත් ඔබ දිගු කරන කල, මම ඔබ වෙතින් මගේ ඇස් සඟවා ගන්නෙමි. වඩ වඩාත් ඔබ යාච්ඤා කළත්, මම සවන් නො දෙන්නෙමි. ඔබේ අත් ලෙයින් පිරී ඇත. ඔබ ම සෝදාගෙන, ඔබ ම පවිත්‍ර වන්න. මගේ ඇස් ඉදිරියෙන් ඔබේ දුෂ්ට ක්‍රියා ඉවත් කර ගන්න. වැරදි කිරීම නවතන්න. හොඳ දේ කරන්නට ඉගෙන ගන්න. යුක්තිය ම සොයන්න. පීඩා කරන්නන් නිවැරදි කරන්න. පියා නැති අනාථ දරුවන්ගේ අයිතීන් රකින්න. වැන්දඹුවන් වෙනුවෙන් ඉදිරිපත් වන්න.

Free Reading Plans and Devotionals related to යෙසායා 1:13-17