YouVersion Logo
Search Icon

හෙබ්‍රෙව් 4

4
සබත් විශ්‍රාමය
1එබැවින්, උන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වීමේ පොරොන්දුව තවමත් වලංගුව තිබියදී, ඔබෙන් යමකු එහි ඇතුළු වීමට අසමත් වේය කියා පෙනේදෝයි බය වෙමු. 2මන්ද ඔවුනට මෙන් ම අපට ද ශුභාරංචිය පැමිණ තිබේ. එහෙත් ඇසූවන් සමඟ ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නො වූ බැවින්, ඇසූ පුවතින් ඔවුනට සෙතක් වූයේ නැත. 3මන්ද විශ්වාස කළ අප එම විශ්‍රාමයට ඇතුළු වන්නේ,
“මගේ උදහසින් මා දිවුළ ලෙස,
ඔවුන් මගේ විශ්‍රාමයට ඇතුළු වන්නේ නැතැ”#4:3 ගීතා 95;11 යි
කී පරිදි ය.
එසේ වුව ද, ලෝකයේ අත්තිවාරම පටන් ම උන්වහන්සේගේ කාරිය නිම කරනු ලැබ තිබිණ. 4මන්ද උන්වහන්සේ හත් වන දවස ගැන එක් තැනක කතා කරමින්: “දෙවියන්වහන්සේ මැවීමේ ස්වකීය සියලු වැඩවලින් හත් වන දවසේ විශ්‍රාම ගත් සේකැ”#4:4 උත් 2;2 යි පවසා තිබේ. 5තවද මේ පාඨයේ, “මගේ විශ්‍රාමයට ඔවුන් ඇතුළු වන්නේ නැතැ”#4:5 ගීතා 95;11 යි උන්වහන්සේ පවසන සේක.
6මුලින් ශුභාරංචිය ඇසූවන් අකීකරුකම නිසා, ඒ විශ්‍රාමයට ඇතුළු වීමට අසමත් වුව ද, ඇතමුනට එහි ඇතුළු වීමට තවමත් අවකාශ තිබෙන බැවින්, 7උන්වහන්සේ දිගු කලකට පසු දාවිත් තුළින් කතා කරමින්:
“අද ඔබ, උන්වහන්සේගේ කටහඬ අසනවා නම්,
ඔබේ හදවත් දැඩි කර නො ගන්නැ”#4:7 ගීතා 95:7,8 යි “අද ය”
කියා පවසමින්, ඊට දවසක් යළි නියම කර තිබේ.
8මන්ද යෝෂුවා ඔවුන්ට සැබෑ විශ්‍රාමය සලසා දුන්නා නම්, විශ්‍රාමය පිළිබඳ තවත් දවසක් ගැන දෙවියන්වහන්සේ ඉන්පසු කතා නො කරන්නට තිබිණි. 9දෙවියන්වහන්සේගේ ජනතාවට එබැවින්, සබත් විශ්‍රාමයක් තවමත් ඉතිරි ව තිබේ. 10දෙවියන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වන අය, උන්වහන්සේ කළ පරිදි තම වැඩවලින් විශ්‍රාම ගනිති. 11එබැවින් එම ආකාරයේ අකීකරුකමින් අප කිසිවකුත් වැටී නො යන පිණිස, ඒ විශ්‍රාමයට ඇතුළු වීමට පරිශ්‍රම දරමු.
12මන්ද දෙවියන්වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාකාරී ය; කවර දෙමුහත් කඩුවකටත් වඩා මුවහත් ය; ජීවය හා ආත්මය ද සන්ධි හා ඇට මිදුලු ද විනිවිද වෙන් කර, හදවතේ සිතුවිලි හා ආකල්ප විමසයි. 13කිසි මැවිල්ලක් උන්වහන්සේගේ ඇසින් සැඟවී නැත. අප විසින් ගණන් දිය යුතු වූ තැනැන්වහන්සේගේ ඇස් හමුවේ හැම දෙයක් ම නිරාවරණ ය; විවෘත ය.
මහා උත්තම පූජකයාණන් වූ යේසුස්වහන්සේ
14එබැවින්, අහස් මණ්ඩල පසු කර ගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස් නම් වූ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයකු අපට සිටින බැවින් අපේ විශ්වාසයෙහි තදින් එල්බගෙන සිටිමු. 15මන්ද අපට සිටින්නේ, අපගේ දුබලතා ගැන අනුකම්පා කරන්නට නො හැකි කෙනකු නො ව, හැම අයුරින් ම අප හා සමාන ව පරීක්ෂාවනට ලක් කරනු ලැබූ, එහෙත් පවින් තොර, උත්තම පූජකයාණන් කෙනෙකි. 16එබැවින්, දයාව හා අනුග්‍රහය අවැසි වෙලාවට ලබන පිණිස, අනුග්‍රහයේ සිංහාසනය වෙත දැඩි විශ්වාසයෙන් ළඟා වෙමු.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in