YouVersion Logo
Search Icon

උත්පත්ති 6:17-22

උත්පත්ති 6:17-22 SCV

මෙන්න, මම පොළොව පිටට ජලගැල්මක් ගෙනෙන්නෙමි. එසේ කරන්නේ, අහස යට වෙසෙන ජීවන හුස්ම ඇති සියලු සත්වයින් විනාශ කරන පිණිසයි. මිහි පිට සියල්ල ඉන් නැසී යනු ඇත. එහෙත් ඔබ සමඟ මම මගේ ගිවිසුම පිහිටු වන්නෙමි. ඔබ නැවට ඇතුළු වනු ඇත; ඔබත්, ඔබ සමඟ ඔබේ පුතුන් ද ඔබේ භාර්යාව ද ඔබේ පුතුන්ගේ භාර්යාවන් ද එහි ඇතුල් වනු ඇත. ඔබ සමඟ ජීවත් ව තබා ගනු පිණිස, හැම වර්ගයක ම සජීව සතුන්, පිරිමි සතකු හා ගැහැනු සතකු වශයෙන් යුගල බැගින් ඔබ නැව තුළට ගත යුතුයි. දිවි පැවතෙනු පිණිස, හැම වර්ගයක ම පක්ෂීන් ද හැම වර්ගයක ම සතුන් ද බිම බඩ ගා යන හැම වර්ගයක ම උරගයින් ද යුගලක් බැගින් ඔබ වෙත පැමිණෙනු ඇත. අහරට ගන්නා හැම වර්ගයේ ම ආහාර ද්‍රව්‍ය ගෙන, ඔබ ඒවා ගබඩා කළ යුතුයි. ඒවා, ඔබටත්, උන්ටත් ආහාර පිණිස වේ යැ” යි පැවසූ සේක. නෝවා එසේ කළේ ය. ඔහු ඒ හැම දෙයක් ම කළේ, දෙවියන්වහන්සේ ඔහුට අණ කළ පරිද්දෙනි.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 6:17-22