උත්පත්ති 25:21-22
උත්පත්ති 25:21-22 SCV
ඇය වඳ ස්ත්‍රියක වූ බැවින්, ඊසාක් තම බිරිඳ උදෙසා ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. ස්වාමින්වහන්සේ ඔහුගේ යාච්ඤාව ඇසූ නිසා, ඔහුගේ බිරිඳ රෙබෙකා ගැබ් ගත්තා ය. ළදරුවෝ ඇගේ කුස තුළ එකිනෙකා හා පොර අල්ලන්නට වූහ. “ඒ එසේ නම්, මට මෙසේ වන්නේ මන්දැ?” යි ඈ ඇසුවා ය. එබැවින් ඈ ස්වාමින්වහන්සේගෙන් විචාරන්නට ගියා ය.





