ගලාති 4:28-31
ගලාති 4:28-31 SCV
සහෝදරයිනි, ඊසාක් මෙන් ඔබත් පොරොන්දුවේ දරුවන් ය. එකල, මාංසයට අනුව උපන් පුත්‍රයා, ආත්මයාණන්ට අනුව උපන් පුත්‍රයාට පීඩා කළ අයුරින් දැනුත් සිදු වේ. එහෙත් ශුද්ධ ලියවිල්ල කුමක් කියන්නේ ද? “දාසියත්, ඇගේ පුතාත් පලවා හරින්න. මන්ද දාසියගේ පුතා, නිවහල් ළඳගේ පුතා සමඟ උරුමය ලබන්නේ නැත” යන්නයි. එබැවින් සහෝදරයිනි, අප දාසියගේ දරුවෝ නො ව, නිවහල් ළඳගේ දරුවෝ ය.





