එසකියෙල් 8
8
දෙවියන්වහන්සේගේ දේව මාලිගාවේ රූප වන්දනාව
1හය වන වසරේ, හය වන මස පස් වන දින මගේ නිවස තුළ මා හිඳ සිටින අතරේ, යූදා ප්‍රජා මූලිකයින් මා ඉදිරිපිට වාඩි වී සිටියදී, පරමාධිපති ස්වාමින්වහන්සේගේ හස්තය මා පිට පතිත විණ. 2එකල මම බැලීමි. එවිට මෙන්න! මිනිසකුගේ වැනි#8:2 මිනිසකුගේ වැනි ග්‍රීක් පරිවර්තනයට අනුව ය. හෙබ්‍රෙව් ගින්දර වැනි රූපකායක්! එතුමන්ගේ ඉඟටිය සේ පෙනුණු තැන් සිට පහළට ගින්දර වැන්න. ඉඟටියෙන් ඉහළට එතුමන්ගේ පෙනුම ඇවිළෙන ලෝහයක දීප්තිය වැන්න. 3එතුමෝ පෙනුමෙන් අතක් වැන්නක් දිගු කොට, මගේ හිසේ කෙස්වලින් මා අල්ලා ගත්හ. ආත්මයාණෝ පොළොවත්, අහසත් අතරේ මා ඔසවා, දේව දර්ශන මගින් යෙරුසලමට මා ගෙනවුත්, ඊර්ෂ්‍යාව අවුස්සන ඊර්ෂ්‍යාවේ පිළිමය සිටුවා ඇති තැන වන ඇතුළු මළුවේ උතුරු දොරටු පිවිසුම වෙත මා පැමිණ වූහ. 4එවිට මෙන්න! තැනිතලාවේදී මා දුටු දර්ශනයේ පරිදි ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය මෙහිදීත් මා ඉදිරිපිට!
5ඉන්පසු එතුමෝ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, උතුරු දෙස බලන්නැ” යි පැවසූහ. එබැවින් මම උතුරු දෙස බැලුවෙමි. එවිට මෙන්න! පූජාසනයේ උතුරු දොරටු පිවිසුමෙහි මෙම ඊර්ෂ්‍යාවේ පිළිමය!
6එතුමෝ මා අමතමින්, “මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන දේ ඔබට පෙනෙනවා ද? මගේ ශුද්ධස්ථානය වෙතින් ඈතට මා පලවා හැරෙන අතිශය පිළිකුල්කම් ඉශ්රායෙල් වංශය මෙහිදී කරන හැටි පෙනේ ද! ඇරත්, මීටත් වඩා බොහෝ පිළිකුල් දෑ ඔබට දකිනු හැකි වෙතැ” යි පැවසූහ.
7ඉන්පසු එතුමාණෝ මළුවේ පිවිසුමට මා ගෙන ආහ. මම බැලුවෙමි. එවිට මෙන්න! බිත්තියේ සිදුරක්! 8එතුමාණෝ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, බිත්තිය හාරන්නැ” යි පැවසූහ. එබැවින් මම බිත්තිය හෑරුවෙමි. එවිට මෙන්න දොරකඩක්!
9එතුමාණෝ මා අමතමින්, “ඇතුළට ගොස්, ඔවුන් මෙහිදී කරන අධම පිළිකුල්කම් බලන්නැ” යි පැවසූහ. 10එබැවින් මම ඇතුළට ගොස්, බැලුවෙමි. එවිට මෙන්න බිත්ති මුළුල්ලේ ම චිත්‍ර! සියලු වර්ගවල උරගයින් හා අපවිත්‍ර සතුන්ගෙන් ද ඉශ්රායෙල් වංශයේ සියලු දේව පිළිමවල ද චිත්‍ර. 11ඒවා ඉදිරියේ ඉශ්රායෙල් වංශයේ ප්‍රජා මූලිකයින් හැත්තෑ දෙනෙක් සිටගෙන වුන්හ. ෂාෆාන්ගේ පුත් යාසනියා ද ඔවුන් අතරෙහි සිටගෙන සිටියේ ය. ඒ හැම කෙනකු අත දුම් කබලක් විය. සුගන්ධ ධූම වලා ඒවායින් නැගෙමින් තිබිණ.
12එතුමාණෝ මා අමතමින්, “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයේ ප්‍රජා මූලිකයින් තම තමාගේ නෙළූ රූප කුටි තුළ අන්ධකාරයේ කරන දෑ කවරේදැයි ඔබ දැක්කා ද? ‘ස්වාමින්වහන්සේ අප දකින්නේ නැත. ස්වාමින්වහන්සේ දේශය අත්හැර ඇතැ’ යි ඔවුන් කියතැ” යි පැවසූහ. 13එතුමාණෝ යළි මා අමතමින්, “මීට වඩා වැඩි පිළිකුල්කම් ඔවුන් කරනු ඔබට දකින්නට හැකි වේ යැ” යි කීහ.
14ඉන්පසු එතුමාණෝ ස්වාමින්වහන්සේගේ ගෘහයෙහි උතුරු දොරටු පිවිසුමට මා ගෙන ආහ. එහි හිඳ සිටි කාන්තාවන්, තම්මූස් දේවතාවා ගැන වැලපෙනු මම දැක්කෙමි. 15එතුමාණෝ මට කතා කොට, “ඔබ මෙය දුටුවා ද? මනුෂ්‍ය පුත්‍රය, මීට වඩා බෙහෙවින් පිළිකුල් කටයුතු දෑ ඔබ දකිනු ඇතැ” යි පැවසූහ.
16ඉන්පසු එතුමාණෝ, ස්වාමින්වහන්සේගේ ගෘහයෙහි ඇතුළු මළුව තුළට මා ගෙන ගියහ. පිවිසුම් ශාලාව සහ පූජාසනය අතරෙහි මිනිස්සු විසිපස් දෙනෙක් පමණ වූහ. ඔවුහු ස්වාමින්වහන්සේගේ මාලිගය දෙසට පිටුපස හරවා නැගෙනහිර දෙස බලා සිටියහ. ඔවුන් සිටියේ නැගෙනහිරින් වූ හිරු නමදිමිනි.
17එතුමාණෝ මා අමතමින්, “ඔබ එය දුටුවා ද මනුෂ්‍ය පුත්‍රයිනි? තමන් මෙහිදී කරන පිළිකුල් කටයුතුවල යෙදීම යූදා වංශයට සුළු ක්‍රියාවක් පමණක් ද? ඔවුන් දේශය සැහැසිකමින් පුරවමින්, දිගින් දිගට ම කෝපයෙන් මා ඇවිළීම යුතු ද? අන්න! ඔවුන් අත්ත නාසයට අල්ලන හැටි#8:17 දෙවියන්වහන්සේ උදහස් කරවන චාරිත්‍රයක් විය හැක පෙනේ ද? 18එබැවින් මම ඔවුන් සමඟ කෝපයෙන් ක්‍රියා කරමි. මම අනුකම්පාවෙන් ඔවුන් දෙස නො බලමි. ඔවුන් ඉතිරි නො කරමි. ඔවුන් මගේ කනට කර කෑ ගැසුවත් මම ඔවුන්ට සවන් නො දෙන්නෙමි” යි පැවසූහ.
Currently Selected:
එසකියෙල් 8: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: