එසකියෙල් 5
5
දෙවියන්වහන්සේගේ විනිශ්චයේ දැළි පිහිය
1“මනුෂ්‍ය පුත්‍රය, මුවහත් අසිපතක් ගෙන, කරනැවෑමියාගේ දැළි පිහියක් පරිද්දෙන් එයින් ඔබේ හිසත්, රැවුලත් බූ ගා, තරාදියක් ගෙන, එම කෙස් කිරා, කොටස් කරන්න. 2වැටලීමේ ඔබේ දවස් සම්පූර්ණ වූ කල, කෙස්වලින් තුනෙන් කොටසක්, පුරවරය ඇතුළතදී ගින්නෙහි දවාලන්න. තවත් තුනෙන් කොටසකට පුරවරය වටා කඩු පහර දෙන්න. අනෙක් තුනෙන් කොටස, සුළඟෙහි විසුරුවා හරින්න. මන්ද මම කොපුවෙන් ඇදගත් කඩුවෙන් යුතු ව ඒවා ලුහුබැඳ යන්නෙමි. 3කෙස් රොද කීපයක් ගෙන, ඔබේ ඇඳුමේ වාටියේ බැඳ ගන්න. 4යළි ඉන් ස්වල්පයක් ගෙන ගින්නෙහි හෙළා, දවා දමන්න. එතැනින් පැතිර යන ගින්නක් මුළු ඉශ්‍රායෙල් වංශය කරා යනු ඇත.
5“පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ජාතීන් අතරෙහි කේන්ද්‍රගත කොට, රට-රටවලින් වට ව, මවිසින් පිහිටු වන ලද යෙරුසලම ය මේ. 6එහෙත්, තමා වටා වූ ජාතීන්ට හා රටවලට වඩා දුෂ්ටකමින් යුතු ව ඈ මගේ නියමයන් හා නියෝගවලට එරෙහිව කැරලි ගැසුවා ය. ඇය මගේ නියමයන් ප්‍රතික්ෂේප කර ඇත. මගේ නියෝග පිළිපැද නැත.
7“එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ඔබ වටා සිටින අනෙක් ජාතීන්ට වඩා ඔබ අතිශයෙන් නො හික්මුණුවුන් ය. ඔබ මගේ නියෝග පිළිපැද්දේවත්, මගේ නියමයන් රක්ෂා කළේවත් නැත. අඩු තරමින් ඔබ වටා සිටින ජාතීන් තරමටවත් ඔබ සදාචාර සම්පන්න නැත.
8“එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මම සැබවින් ම ඔබට එරෙහිව සිටිමි. ජාතීන්ගේ ඇස් හමුවේ මම ඔබට දඬුවම් කරන්නෙමි. 9පිළිකුල් සහගත ඔබේ පිළිම සියල්ල නිසා, මෙතෙක් කිසි කලෙක මවිසින් නො කළ, යළි කිසි කලෙක නො කරන යම් දෙයක් මම ඔබට කරන්නෙමි. 10එබැවින් ඔබ අතරේ පියවරු තම දරුවන් ද දරුවෝ තම පියවරුන් ද කා දමන්නෝ ය. මම ඔබ පිට දඬුවම තබන්නෙමි. ජීවත් ව ඉතිරි ව සිටින සියල්ලන් සුළඟෙහි විසුරුවා හරින්නෙමි. 11එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මා ජීවත් වන වග සැබෑ සේ ම, නුඹලාගේ නීච දේව පිළිම සියල්ල හා පිළිකුල් සහගත ක්‍රියා කලාපය මගින් නුඹලා මගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කර ඇති බැවින් මම ම නුඹ බූ ගා දමන්නෙමි. මම නුඹලා දෙස අනුකම්පාවෙන් නො බලන්නෙමි. මම ඔබ ඉතිරි නො කරන්නෙමි. 12ඔබේ ජනයාගෙන් තුනෙන් කොටසක්, වසංගතයෙන් මියෙනු හෝ ඔබ අතරෙහි වන සාගතයෙන් වැනසෙනු ඇත. තුනෙන් කොටසක්, පුර පවුරින් පිටතදී කඩු පහර කා වැටී යනු ඇත. තුනෙන් කොටසක්, මම සුළඟේ හැම අතට ම විසුරුවා දමන්නෙමි, කොපුවෙන් ඇදගත් කඩුවෙන් යුතු ව මම ඔවුන් ලුහුබඳින්නෙමි.
13“එවිට මගේ කෝපය වැය වී, ඔවුන්ට එරෙහි මගේ උදහස සංසිඳී, මම සෑහීමට පත් වන්නෙමි. මෙසේ මගේ උදහස මා ඔවුන් පිට වැය කළ පසු, ස්වාමින්වහන්සේ වන මා මගේ ඊර්ෂ්‍යා සහගත බවින් කතා කර ඇති වග ඔවුන් දැනගනු ඇත.
14“නුඹ පසු කර යන සියල්ලන්ගේ ඇස් හමුවෙහි, නුඹ වටා සිටින ජාතීන් අතරෙහි මම නුඹ නෂ්ටාවශේෂයක් ද අවමානයක් ද කරන්නෙමි. 15කෝපයෙන් ද උදහසින් ද දැඩි තරවටුවෙන් ද යුතු ව මා ඔබට දඬුවම් කරන කල, ඔබ වටා සිටින ජාතීන්ට ඔබ අවමානයක් ද ගර්හාවක් ද අනතුරු ඇඟවීමක් ද භීතියට හේතුවක් ද වනු ඇත. ස්වාමින්වහන්සේ වන මම කතා කළෙමි. 16මගේ මාරක, විනාශකාරී සහ සාගතයේ හී මා ඔබට විදින කල, එසේ කරන්නේ ඔබ විනාශ කර දැමීමට ය. මම ඔබ පිට වඩ වඩා සාගතය ගෙන්වා ඔබේ ආහාර සැපයුම ද සිඳ දමන්නෙමි. 17තවද ඔබට එරෙහිව මම සාගතය හා වන මෘගයන් එවන්නෙමි. එමඟින් ඔබ, ඔබේ දරුවන්ගෙන් තොර කෙරෙනු ඇත. වසංගතය හා ලේ වැගිරීම ඔබ මධ්‍යයේ පැතිරෙනු ඇත. මම අසිපත ද නුඹ පිටට පමුණු වන්නෙමි. ස්වාමින්වහන්සේ වන මම කතා කළෙමි.”
Currently Selected:
එසකියෙල් 5: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.