එසකියෙල් 39
39
1“මනුෂ්‍ය පුත්‍රය, ගෝග්ට එරෙහිව අනාවැකි පවසමින්, මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: එම්බා ගෝග්, මෙෂෙක්හි හා තුබල්හි ප්‍රධාන අධිපතිය, මා නුඹට විරුද්ධ ය. 2මම නුඹ ආපසු හරවා, ඇදගෙන එන්නෙමි. මම ඈත උතුරේ සිට නුඹ ගෙනවුත්, ඉශ්‍රායෙල් කඳුවලට එරෙහිව යවන්නෙමි. 3ඉන්පසු මම නුඹේ දුන්න නුඹේ වමතින් ගසා දමා, නුඹේ දකුණතින් නුඹේ හී ගිලිහී යන්නට සලසමි. 4ඉශ්‍රායෙල් කඳු මත නුඹ වැටී යනු ඇත. නුඹත්, නුඹේ හමුදා හා සිටින සෙසු ජාතීනුත් වැටී යනු ඇත. මම සියලු ආකාර ගිජු ලිහිණින්ටත්, වන-මෘගයින්ටත් නුඹ ආහාර කොට දෙන්නෙමි. 5නුඹ එළිමහනේ වැටී යනු ඇත. මන්ද මම එසේ පැවසීමියි පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන සේක. 6මම, මාගොග් පිටත්, වෙරළබඩ දේශයන්හි සුරක්ෂිත ව වෙසෙන්නන් පිටත් ගින්දර යවන්නෙමි. එවිට, ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගන්නවා ඇත.
7“ ‘මගේ ජනයා වන ඉශ්‍රායෙල්වරුන් අතරෙහි මම මගේ ශුද්ධ නාමය දැනගන්නට සලස්වන්නෙමි. තවදුරටත් මගේ ශුද්ධ නාමය කෙලෙසන්නට ඉඩ නො දෙමි. ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා වග ජාතීන් දැනගනු ඇත. 8එය පැමිණේ! නියතයෙන් ම එය සිදු වේ යැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. මා පවසා තිබූ දවසයි මේ.
9“ ‘එකල, ඉශ්‍රායෙල් නගරවල වාසය කරන්නෝ පිටතට ගොස්, ලොකු කුඩා පලිස් ද දුනු හා හී ද මුගුරු හා හෙල්ල ද යන අවි-ආයුධ, දරට යොදා ගිනි අවුළන්නෝ ය. හත් වසරක් ඔවුහු ඒවා දරට යොදන්නෝ ය. 10ඔවුනට වත්තෙන් පිටියෙන් දර අහුලන්නටවත් කැලයෙන් දර කපා ගන්නටවත් සිදු නො වේ. මන්ද ඔවුන් අවි-ආයුධ දරට යොදා ගනී. තවද තමන් කොල්ල කෑවුන්ගෙන් ඔවුන් කොල්ලකනු ඇත. තමන්ගෙන් පැහැර ගත්තවුන්ගෙන් ඔවුන් පැහැර ගනු ඇතැයි පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන සේක.
11“ ‘ඒ දවසේ මම ඉශ්‍රායෙලය තුළ ගෝග්ට සොහොන් පොළක් නිමවා දෙන්නෙමි. ඒ, මුහුදට නැගෙනහිරින් ඇති සංචාරකයින්ගේ මිටියාවතයි. ගෝග් ද ඔහුගේ මුළු සමූහයා ද එහි වළලනු ලබන නිසා, එයින් සංචාරකයින්ගේ මිටියාවත අවහිර වේ. එබැවින් එය හමොන්-ගෝග් මිටියාවත්#39:11 හමොන්-ගෝග් මිටියාවත් එනම් ගෝග් සමූහ මිටියාවත් යැයි හැඳින් වේ.
12“ ‘දේශය පවිත්‍ර කරන පිණිස ඉශ්‍රායෙල් වංශය හත් මසක් ම ඔවුන් වළලනු ඇත. 13දේශයේ සියලු ජනයා ඔවුන් වළලනු ඇත. මා ගෞරව මහිමයට පත් වන දවස ඔවුන්ට ගෞරවනීය සැමරුම් දවසක් වනු ඇතැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 14දේශය පිරිසිදු කිරීමට නිති පතා මිනිසුන් බඳවා ගනු ලැබේ. ඇතමුන් දේශය මුළුල්ලේ ම යනු ඇත. ඊට අමතරව ඇතමුන් තැන් තැන්හි ඉතිරි ව ඇතියවුන් වළලනු ඇත.
“ ‘හත් වන මස අවසානයේ ඔවුන් තම සෙවුම් අරඹනු ඇත. 15මෙසේ දේශය පුරා ඇවිදින ඔවුහු මිනිස් ඇටකටුවක් දුටු කල, වළලන්නන් අවුත් හමොන්-ගෝග් මිටියාවතෙහි ඒවා වළ දමන තුරු, ඒ අසලින් ලකුණක් තබන්නෝ ය. 16මෙසේ ඔවුහු දේශය පිරිසිදු කරන්නෝ ය. හමෝනා#39:16 හමෝනා එනම් සමූහයා යන නගරයක් ද එහි වනු ඇත.’
17“මනුෂ්‍ය පුත්‍රය, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: සියලු වර්ගයේ පක්ෂීන්ටත් සියලු වන මෘගයන්ටත් හඬ ගසා මෙසේ පවසන්න: ‘මා නුඹලාට පිළියෙල කරන යාගයට ඉශ්‍රායෙල් කඳු මත්තේ වූ මහා යාගයට, දස දෙසින් අවුත්, එක් රොක් වන්න. එහිදී ඔබ මස් කා, ලේ බොනු ඇත. 18නුඹලා බලවතුන්ගේ මස් කා, මිහි පිට අධිපතීන්ගේ ලේ බොනු ඇත්තේ, බාෂාන්හි තර කළ සත්ව සියල්ලන් වන බැටළුවන්ගේ ද බැටළු පැටවුන්ගේ ද එළුවන්ගේ ද ගවයන්ගේ ද මස් හා ලේ පරිද්දෙනි. 19ඔබට මා පිළියෙල කරන යාගයේදී නුඹලා උගුරට එන තුරු මේදය කා, මත්වන තුරු ලේ බොනු ඇත. 20මගේ අහර මේසයේ අශ්වයින්ගෙන් හා අසරුවන්ගෙන් ද බලවතුන්ගෙන් හා හැම ආකාර හේවායින්ගෙන් ද ඔබ තෘප්තිමත් වනු ඇතැ’ යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
21“ජාතීන් අතරෙහි මම මගේ තේජෝ මහිමය ප්‍රදර්ශන කරමි. මවිසින් පමුණු වන ලබන දඬුවමත්, ඔවුන් පිට මා තබන හස්ත යත් සියලු ජාතීන් දකිනු ඇත. 22තමන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා වග ඒ දවසේ පටන් ඉදිරියට ඉශ්‍රායෙල් වංශය දැනගනු ඇත. 23ඉශ්‍රායෙල් ජනයා පිටුවහල් කොට ගෙන යන ලද්දේ ඔවුන්ගේ ම පාප නිසා වග විජාතීන් ද දැනගනු ඇත. ඔවුන් මට ද්‍රෝහි වූ නිසා, මම ඔවුන් වෙතින් මගේ මුහුණ සඟවාගෙන, ඔවුන්ගේ සතුරන් අතට ඔවුන් බාර දුනිමි. ඔවුන් සැවොම කඩු මුවහතින් වැටී ගියහ. 24මා ඔවුන් සම්බන්ධ ව ක්‍රියා කළේ ඔවුන්ගේ අපවිත්‍රතාව හා අයුතුකම්වලට අනුකූලව ය. මම ඔවුන් වෙතින් මගේ මුහුණ සඟවා ගතිමි.
25“එබැවින්, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: දැන් මම යාකොබ්ගේ භාග්‍ය යළි ස්ථාපිත කර දෙමි. සමස්ත ඉශ්‍රායෙල් ජනතාවට අනුකම්පා කරමි. මගේ ශුද්ධ නාමය ගැන මගේ උද්යෝගය දැල් වේ. 26ඔවුන් බියෙන්, සැකෙන් තොර ව, තමන්ගේ දේශයෙහි සුරක්ෂිත ව වාසය කරන කල තම ලජ්ජාවත්, මට එරෙහිව ඔවුන් කර තිබූ ද්‍රෝහිකමත් අමතක ව යනු ඇත#39:26 අමතක ව යනු ඇත හෙවත් දරාගන්නවා ඇත.. 27විජාතීන් වෙතින් මා ඔවුන් ආපසු ගෙනවුත්, ඔවුන්ගේ සතුරු රටවලින් ඔවුන් එක් රැස් කළ කල, බොහෝ ජාතීන් හමුවෙහි මගේ ශුද්ධ භාවය ඔවුන් තුළින් මම පෙන්නුම් කරන්නෙමි. 28ජාතීන් අතරෙහි මා ඔවුන් පිටුවහල් කොට යැවූ නමුදු, එකකුදු නෑර, ඔවුන්ගේ ම දේශයට මා ඔවුන් එක් රොක් කළ විට, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගන්නවා ඇත. 29තවදුරටත් මම ඔවුන්ගෙන් මගේ මුහුණ සඟවා නො ගනිමි. මන්ද, මම මගේ ආත්මය ඉශ්‍රායෙල් වංශය පිට වගුරුවන්නෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.”
Currently Selected:
එසකියෙල් 39: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: