එසකියෙල් 34
34
ඉශ්‍රායෙල් එඬේරු
1 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 2“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් එඬේරුන්ට එරෙහිව දිවැසි වැකි පවසන්න. දිවැසි වැකියෙන් ඔවුන්ට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: තමන් ම පෝෂ්‍ය කර ගන්නා ඉශ්‍රායෙල් එඬේරුන්ට දුක් වේ! එඬේරුන් තමන්ගේ සත්ව රංචු පෝෂ්‍ය කළ යුතු නො වන්නේ ද? 3නුඹලා කිරි කති; ලෝම ඇඟලති; තර සතුන් මරා ගනිති. එහෙත් රංචුව පෝෂ්‍ය නො කරති. 4නුඹලා, දුබලවූවන් නගා සිටවූවේවත්, ලෙඩවූවන් සුව කළේවත්, තුවාලවූවන්ට බෙහෙත් බැන්දේවත් නැත. මංමුළා වූවන් නැවත ගෙනාවේවත්, නැතිවූවන් සොයා ගියේවත් නැත. නුඹලා ඔවුන් පාලනය කළේ රළු, කුරිරු අන්දමිනි. 5මෙසේ හරි එඬේරකු නැතිකමින් ඔවුහු විසුරුවන ලදහ. එසේ විසුරුවන ලද කල්හි ඔවුහු සියලු වන සතුන්ගේ ගොදුරු බවට පත් වූහ. 6මගේ බැටළු රැළ සියලු කඳු මත ද උස් හෙල් හැමකක් මත ද ඉබාගාතෙ ගියහ. ඔවුහු මුළු මිහිතලය පුරා විසුරුවන ලදහ. කිසිවකුත් ඔවුන් ගැන විපරම් කළේ නැත. සොයා බැලුවේ නැත.
7“ ‘එබැවින් එඬේරුනි, ස්වාමින්වහන්සේගේ වචනය අසනු! 8පරමාධිපති ස්වාමින්වහන්සේ වන මා ජීවත් වන වග සැබෑ සේ ම, මා ප්‍රකාශ කර සිටින්නේ, මගේ බැටළු රැළට එඬේරකු නො වූ නිසාත්, ඒ හේතුවෙන් කොල්ලකෑමට හා සියලු වන සතුන්ගේ ගොදුරු බවට පත් වූ නිසාත්, මගේ එඬේරුන් මගේ බැටළු රැළ බලා-කියා ගන්නවාට වඩා තමන් ගැන ම බලා-කියා ගනිමින්, මගේ බැටළුවන් සොයා නො ගිය නිසාත්, 9එම්බා එඬේරුනි, ස්වාමින්වහන්සේගේ වචනය අසනු! 10පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මෙන්න, මම එඬේරුන්ට එරෙහිව සිටිමි. මගේ බැටළු රැළ ඔවුන්ගෙන් අය කර ගන්නෙමි. ඔවුන්ට තවදුරටත් තමන් ම පෝෂණය කර ගත නොහෙන පරිදි බැටළු රැළ බලා ගැනීමෙන් ඔවුන් පහ කර දමන්නෙමි. මගේ බැටළු රැළ ඔවුන්ගේ කටින් මම මුදා ගනිමි; මගේ රැළ තවදුරටත් ඔවුන්ට ආහාර පිණිස නො වන්නේ ය.
11“ ‘මන්ද පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මම පෞද්ගලික ව ම මගේ බැටළු රැළ සොයා, ඔවුන් රැක බලා ගනිමි. 12විසිර ගිය බැටළු රැළ අතරේ සිටින එඬේරකු තම රැළ රැක බලාගන්නා සේ, මමත් මගේ බැටළුවන් රැක බලා ගනිමි. වලාකුළින් බර අඳුරු දවසක විසුරුවා දමනු ලැබූ හැම තැනකින් ම මම ඔවුන් මුදා ගන්නෙමි. 13මම ජාතීන් වෙතින් ඔවුන් පිටතට ගෙනෙන්නෙමි. රට-රටවලින් ඔවුන් එක් රැස් කරන්නෙමි. මම ඔවුන්ගේ ම දේශයට ඔවුන් රැගෙන එන්නෙමි. ඉශ්‍රායෙල් කඳුවලදීත්, දෙණිවලදීත් දේශයෙහි ඔවුන්ගේ වාසස්ථානවලදීත් මම ඔවුන් පෝෂ්‍ය කරන්නෙමි. 14මම සරු ගොදුරු බිමෙක ඔවුන් රැක බලා ගන්නෙමි. ඉශ්‍රායෙල්හි කඳු මුඳුන් ඔවුන්ගේ ගොදුරු බිම් වනු ඇත. එහිදී ඉශ්‍රායෙල් කඳු මත ඇති සරු ගොදුරු බිමෙහි ඔවුන් ලගිනු ඇත. එහිදී, ඉශ්‍රායෙල් කඳුවල ඇති සරු තණ බිම්වල පෝෂණය වනු ඇත. 15මගේ බැටළුවන් මම රැක බලා ගන්නෙමි. මම ඔවුන්ට සැනසිල්ලේ ගත කරන්නට සලස්සමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 16මම නැතිවූවන් සොයා, මංමුළා වූවන් ආපසු ගෙනෙන්නෙමි. මම තුවාලවූවන්ට බෙහෙත් බැඳ දුබලවූවන් නගා සිටුවන්නෙමි. එහෙත්, තරවුන් හා බලගතුවුන් විනාශ කර දමන්නෙමි. මම යුක්ති සහගත ව රැළ බලා ගන්නෙමි.
17“ ‘මගේ රැළ, නුඹලා ගැන පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මම බැටළුවකු හා බැටළුවකු අතරේ ද බැටළුවන් හා එළුවන් අතරේ ද විනිශ්චය කරමි. 18සරු තණ බිමෙක තණ කෑම පමණක් නුඹලාට නො සෑහේ ද? නුඹලාගේ තණ බිමෙහි ඉතිරි තණ නුඹලාගේ පයින් පාගා දැමීම යුතු ද? පිවිතුරු දිය බීම පමණක් නුඹලාට නො සෑහේ ද? සෙසු ජලය පාගා බොරකර දැමීම යුතු ද? 19මගේ රැළ අහරට ගත යුත්තේ නුඹලා පාගා දැමූ දේ ද? ඔවුන් පානය කළ යුත්තේ නුඹලාගේ පයින් බොරකර දැමූ දේ ද?
20“ ‘එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ ඔවුන්ට මෙසේ පවසන සේක: මෙන්න! මම තර බැටළුවන් හා කෘශ බැටළුවන් අතරේ මවිසින් ම විනිශ්චය කරමි. 21නුඹලා ඇලපතින් ද උරහිසින් ද තල්ලුකරමින් සියලු දුර්වල බැටළුවන් ඉවතට පලා යන තෙක් ඔවුන්ට නුඹලාගේ අංවලින් ඇන්න බැවින්, 22මම මගේ රැළ මුදා ගනිමි. මින් මතු ඔවුන් පැහැර ගැනීමකට ලක් නො වේ. බැටළුවකු හා බැටළුවකු අතරේ මම විනිශ්චය කරමි. 23මම ඔවුනට එක් එඬේරකු, මගේ සේවක දාවිත් පත් කරමි. ඔහු ඔවුන් පෝෂ්‍ය කරනු ඇත. ඔහු ඔවුන් පෝෂ්‍ය කරමින්, ඔවුන්ගේ එඬේරා වනු ඇත. 24ස්වාමින්වහන්සේ වන මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. මගේ සේවක දාවිත් ඔවුන් අතරේ අධිපතියා වනු ඇත. ස්වාමින්වහන්සේ වන මම එසේ පැවසීමි.
25“ ‘මම ඔවුන් සමඟ සාමයේ ගිවිසුමක් කර, ඔවුන්ට ආරක්ෂා සහිත ව පාළුකරයේ විසීමටත්, වනාන්තරයේ නිදාගැනීමටත් හැකි වන පරිදි, වන මෘගයින් දේශයෙන් නැති කර දමන්නෙමි. 26මම ඔවුන් ද මගේ කන්ද අසබඩ පෙදෙස් ද ආශිර්වාදයක් කරන්නෙමි. මම නිසි කලට වැසි වස්සන්නෙමි. ආසිරි වැසි එහි වසිනු ඇත. 27කෙත් වතුවල ගස් පල දරනු ඇත. පොළොවෙන් එහි අස්වනු උපදිනු ඇත. ජනයා තම දේශයෙහි සුරක්ෂිත වේ. ඔවුන්ගේ වියගහ මා බිඳ හෙළූ කල, ඔවුන් යටත් කර සිටියවුන් අතින් මා ඔවුන් මුදා ගත් කල, ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගන්නවා ඇත. 28තවදුරටත් ඔවුන් විජාතීන්ට කොල්ලයක් නො වන්නේ ය. වන සතුනට ද ඔවුන් ගොදුරු නො වන්නේ ය. ඔවුන් සුරක්ෂිත ව වාසය කරනු ඇත. කිසිවකුත් ඔවුන් බිය වද්දන්නේ නැත. 29සශ්‍රීකත්වයට නමගිය දේශයක් මම ඔවුන්ට සපයා දෙන්නෙමි. තවදුරටත් ඔවුන් දේශය තුළ සාගතයට ගොදුරු නො වන්නේ ය. ජාතීන්ගේ අවමානයට ද ලක් නො වන්නේ ය. 30එවිට, මා ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වග ද ඉශ්‍රායෙල් වංශය මගේ ජනයා වග ද ඔවුන් දැනගනු ඇතැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 31නුඹලා, මගේ බැටළුවන් ය. මගේ තණ බිමේ බැටළුවන් වන මිනිසුන් ය. මගේ ජනයා ය. මම ඔබගේ දෙවියන්වහන්සේ යැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.’ ”
Currently Selected:
එසකියෙල් 34: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: