එසකියෙල් 33
33
මුරකරු
1 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 2“මනුෂ්‍ය පුත්‍රය, ඔබේ ජනතාවට කතා කොට මෙසේ කියන්න: ‘දේශයකට එරෙහිව මම අසිපත ගෙනෙන කල, දේශ වාසීන් තමන් අතරින් කෙනෙක් තම මුරකරු වශයෙන් පත් කළ කල්හි, 3දේශයට එරෙහිව අසිපත පැමිණෙනු දැක, ජනතාවට අනතුරු අඟවමින්, ඔහු හොරණෑව හඬවන කල්හි, 4යමකු හොරණෑ හඬ ඇසුවා වුව ද, අනතුර ගැන අවවාදය නො සැලකුවෙන්, අසිපත පැමිණ, ඔහුගේ දිවි තොර කළ විටෙක ඔහුගේ ලේ ඔහුගේ ම හිස මත වන්නේ ය. 5හොරණෑ හඬ ඇසුණු නමුදු, අනතුරු ඇඟවීම් අවවාදය ගණන් නො ගත් නිසා, ඔහුගේ ලේ ඔහුගේ හිස පිට ම වන්නේ ය. ඔහු අවවාදය පිළිගත්තේ නම්, ඔහුට තම ජීවිතය රැක ගන්නට තිබිණ. 6තවද, මුරකරු අසිපත එනවා දැක, ජනතාවට අනතුරු අඟවමින්, හොරණෑව නො හැඬවී නම්, අසිපත පැමිණ ඔවුන්ගෙන් එකකුගේ දිවි තොර කළ කල, ඒ මිනිසාගේ පාප නිසා ඔහු ඉවත ගෙන යනු ලැබේ. එහෙත් ඔහුගේ ලේ ගැන මම මුරකරුගෙන් අය කරන්නෙමි.’
7“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශය උදෙසා මම ඔබ මුරකරුවකු කළෙමි. එබැවින් මා පවසන වචන අසා, මා කරන අනතුරු ඇඟවීම ඔවුනට දන්වන්න. 8මම දුෂ්ටයා අමතා, ‘එම්බා දුෂ්ට මනුෂ්‍යය, ඒකාන්තයෙන් ම නුඹ නසිනු ඇතැ’ යි කී විටෙක, ඒ නපුරු මාර්ගයෙන් ඔහු වළක්වනු පිණිස ඔබ ඔහුට කතා නො කළහොත්, ඒ දුෂ්ට මිනිසා තමාගේ පාපය නිසා මැරෙනු ඇත. එහෙත් ඔහුගේ ලේ ගැන මම ඔබෙන් අය කරන්නෙමි. 9එහෙත්, ඔබ ඒ දුෂ්ට මිනිසාට ඒ මාර්ගයෙන් හැරෙන පිණිස ඔබ අවවාද කළේ වුව ද, ඔහු තම මාර්ගයෙන් නො හැරුණේ නම්, තමාගේ ම පාප නිසා ඔහු මියෙනු ඇත. එහෙත් ඔබ ඔබේ ප්‍රාණය ගලවාගෙන ඇත.
10“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයට මෙසේ කියන්න: ‘නුඹලා කියන්නේ, “අපේ පාප සහ අපරාධ අප මත බර වී ඇත. ඒවායින් අප දිරා ජරාවට යැවේ. අප කෙසේ ජීවත් වන්න ද?” කියා’ ය. 11ඔවුන්ට මෙසේ කියන්න: ‘මා ජීවත් වන වග සැබෑ සේ ම පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ, දුෂ්ටයා තම දුෂ්ට මාර්ගයෙන් ඉවත හැරී, ජීවත් වනවාට මිස, ඔහු මැරෙනවාට මා ප්‍රසන්න වන්නේ නැති වගයි. එබැවින් හැරෙන්න! ඔබේ දුෂ්ට මාර්ගවලින් ඉවත හැරෙන්න. එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා මැරී යන්නේ කුමට ද?’
12“එබැවින් මනුෂ්‍ය පුත්‍රය, ඔබේ ජනතාවට මෙසේ කියන්න: ‘ධර්මිෂ්ඨ මනුෂ්‍යයකු අකීකරු වූ කල, ඔහුගේ ධර්මිෂ්ඨකම නිසා ඔහු ගැලවෙන්නේ නැත. දුෂ්ට මිනිසකු දුෂ්ටකමින් ඉවත හැරුණු කල, ඔහුගේ දුෂ්ටකම ඔහුගේ වැටීමට හේතු නො වේ. ධර්මිෂ්ඨ මනුෂ්‍යයා පව් කරන්නේ නම්, ඔහුගේ ධර්මිෂ්ඨකම ජීවත්වීමට ඔහුට ඉඩ සලසන්නේ නැත.’ 13කිසියම් දමිටු කෙනකුට, ‘සැබවින් ම ඔබ ජීවත් වෙතැ’ යි මා කී පසු, ඔහු තම දමිටුකම මත විශ්වාසය තබා දුෂ්ටකම් කරන්නේ නම්, ඔහු විසින් කරන ලද දමිටුකම් එකකුදු සිහි නො කෙරේ. ඔහු දුෂ්ටකම් කළ නිසා, ඔහු මියැදේ. 14තවද, කිසියම් දුෂ්ට මිනිසකුට, ‘සැබවින් ම ඔබ මියෙතැ’ යි මා කී පසු, ඔහු තම පාපයෙන් ඉවත හැරී, යුක්තියත්, සාධාරණත්වයත් කරයි නම්, 15ඒ දුෂ්ට මිනිසා ණයක් දීමට උගසට ගත් දෑ ආපසු දේ නම්, සොරාගත් දෑ ආපසු දේ නම්, ජීවනය දෙන නියෝග පිළිපදී නම් හා කිසි නපුරක් නො කරයි නම්, ඔහු සැබවින් ම ජීවත් වෙයි. ඔහු මියෙන්නේ නැත. 16ඔහු විසින් කරන ලද පාප එකකුදු ඔහුට එරෙහිව සිහි නො කෙරේ. ඔහු යුක්තියත්, සාධාරණත්වයත් කර ඇති බැවින් සැබවින් ම ඔහු ජීවත් වෙයි.
17“එසේ වුව ද ඔබේ ජනතාව කියන්නේ, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය යුක්ති සහගත නැත’ කියා ය. සැබවින් ම යුක්ති සහගත නො වන්නේ ඔවුන්ගේ මාර්ගයයි. 18යම් දමිටු කෙනකු තම දමිටුකමින් ඉවත හැරී, දුෂ්ටකම් කරයි නම් එනිසා ම ඔහු නසිනු ඇත. 19යම් දුෂ්ට මිනිසකු තම දුෂ්ටකමින් ඉවත හැරී, යුක්තියත්, සාධාරණයත් කරයි නම් එසේ කිරීම නිසා, ඔහු ජීවත් වනු ඇත. 20එහෙත්, නුඹලා කියන්නේ, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය යුක්ති සහගත නැත’ කියා ය. එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා එකිනෙකාගේ මාර්ගවලට අනුව මම නුඹලා එකිනෙකා විනිශ්චය කරන්නෙමි.”
යෙරුසලමේ ඉරණම
21යෙරුසලමෙන් බේරී පැන ගොස් සිටි මිනිසකු අපගේ පිටුවහල් ව සිටීමේ දොළොස් වන අවුරුද්දේ දස වන මාසයේ පස් වන දවසේ මා වෙත අවුත්, “පුරවරය ඇද වැටිණ” යි කීවේ ය. 22ඒ මිනිසා පැමිණෙන්නට පෙර සවස පටන් ස්වාමින්වහන්සේගේ හස්තය මා පිට පැවතිණ. මෙසේ ඔහු මා වෙත පැමිණි උදයට පෙර සිට ම උන්වහන්සේ මගේ මුව විවර කර තිබිණ. උන්වහන්සේ මගේ මුව විවර කර තිබූ බැවින්, තවත් මට කතා නො කර සිටිය නො හැකි විණි.
23එවිට, ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 24“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් දේශයේ ගරා වැටුණු තැන්වල වෙසෙන්නෝ කතා කොට, ‘ආබ්‍රහම් තනි මිනිහෙක් පමණක් වුව ද, දේශය ඔහුට උරුම විණ. දැන් අපි බොහෝ දෙනෙකි. ඇත්තෙන් ම දේශය අපට උරුමයක් කොට දී ඇතැ’ යි කියති. 25එබැවින් ඔවුන්ට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මස්වල ලේ තිබියදී ඒවා අනුභව කරන නුඹලා, දේව පිළිමවලට යාදිනි කරන නුඹලා, ලේ වගුරු වන නුඹලා දේශය උරුම කර ගන්නවා ද? 26නුඹලා, නුඹලාගේ අසිපත පිට විශ්වාසය තබති. පිළිකුල් කටයුතු කරති. නුඹලා එකිනෙකා තම අසල්වැසියාගේ බිරිඳ කෙලෙසති. එසේ කරන නුඹලා දේශය උරුම කර ගනී ද?’
27“ඔවුන්ට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මා ජීවත් වන වග සැබෑ සේ ම, ගරා වැටුණු තැන්වල සිටින්නන් කඩුවෙන් වැටී යනු ඇත. වතු පිටිවල එළිමහනේ සිටින්නවුන් කා දමන්නට වන සතුනට දෙන්නෙමි. බළකොටුවල හා ගල්ගුහාවල සිටින්නවුන් වසංගතයෙන් මියෙනු ඇත. 28මම දේශය පාළු මුඩු බිමක් කරන්නෙමි. ඇගේ අහංකාර ශක්තිය නිමාවකට පත් වනු ඇත. ඉශ්‍රායෙල් කඳු හරහා කිසිවකුත් ගමන් නො ගන්නා පරිදි ඒවා පාළුවට යනු ඇත. 29ඔවුන් විසින් කරන ලද සියලු පිළිකුල් කටයුතු නිසා, මම දේශය පාළු මුඩු බිමක් කළ කල්හි ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගන්නවා ඇත.’
30“නුඹ ගැන, මනුෂ්‍ය පුත්‍රය, නුඹේ රට වැසි ජනයා පවුරු අසලදී ද ගේ දොරකඩවලදී ද නුඹ ගැන කතා කරමින්, එකිනෙකා තම අසල්වැසියා අමතා, ‘එමු, ස්වාමින්වහන්සේ වෙතින් එන පණිවුඩය අසමු’ යි කියති. 31මගේ ජනයා නිතර කරන පරිදි නුඹ වෙත අවුත්, නුඹ ඉදිරියේ හිඳ, නුඹේ වචන අසති. එහෙත් ඒවා නො පිළිපදිති. ඔවුන් තමන්ගේ මුවින් ආලය ප්‍රකාශ කළත් ඔවුන්ගේ හදවත් අයුතු වාසියට ම ගිජු ය. 32සැබවින් ම නුඹ ඔවුනට සංගීත භාණ්ඩයක් වයමින්, මිහිරි කටහඬකින් ආල-ගී ගයන්නකුට වැඩි කෙනකු නො වේ. මන්ද ඔවුන් නුඹ කියන දේ අසා සිටින නමුදු, ඒවා පිළිපදින්නේ නැත.
33“මේ දෑ නිසැක ව ම සිදු වනු ඇත. ඒවා සිදු වූ පසු, තමන් අතරේ දිවැසිවරයකු සිටි වග ඔවුන් දැනගන්නවා ඇත.”
Currently Selected:
එසකියෙල් 33: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: