එසකියෙල් 21
21
විනිශ්චයේ අසිපත
1 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 2“මනුෂ්‍ය පුත්‍රය, යෙරුසලමට එරෙහිව ඔබේ මුහුණ යොමු කර, ශුද්ධස්ථානවලට#21:2 ශුද්ධස්ථානවලට ඇතැම් පිටපත්වල ඔවුන්ගේ ශුද්ධස්ථානයට එරෙහිව දේශනා කරන්න. ඉශ්‍රායෙල් දේශයට එරෙහිව දිවැසි වැකි පවසමින්, 3ඇයට මෙසේ කියන්න: ‘ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මා නුඹට විරුද්ධ ය. මම මගේ කඩුව කොපුවෙන් ඇද, ධර්මිෂ්ඨයා මෙන් ම දුෂ්ටයා ද නුඹ වෙතින් සිඳ දමන්නෙමි. 4මා ධර්මිෂ්ඨයින් හා දුෂ්ටයින් සිඳ දමන්නට යන නිසා, දකුණේ සිට උතුර දක්වා හැම කෙනකුට ම එරෙහිව මගේ කඩුව එහි කොපුවෙන් එළියට ඇදී යන්නේ ය. 5මෙසේ, ස්වාමින්වහන්සේ වන මා, මගේ කඩුව කොපුවෙන් එළියට ඇද ඇති වග එවිට සියලු ජනයා දැනගන්නවා ඇත. යළි එය කොපුවේ ලනු නො ලැබේ.’
6“එබැවින් මනුෂ්‍ය පුත්‍රය, කෙඳිරිලි නගන්න. බිඳුණු හදෙකින් හා දැඩි සොවින් යුතු ව ඔවුන් ඉදිරියෙහි කෙඳිරි ගාන්න. 7එවිට ඔවුන් ඔබට කතා කොට, ‘නුඹ කෙඳිරි ගාන්නේ ඇයි’ දැයි ඇසූ කල, ඔබ පිළිතුරු දෙමින්, ‘සැලවන්නට ඇති පුවත නිසා ය. හැම හදවතක් ම දිය ව යන්නේ ය. හැම අතක් ම බෙලහීන වන්නේ ය. හැම ආත්මයක් ම මුර්ජාවන්නේ ය. හැම දණහිසක් ම වතුර මෙන් දුර්වල වන්නේ ය.’ එය පැමිණෙන්නේ ය. නියතයෙන් ම සිදු වන්නේ යයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේකැ! යි කිය යුතු යැ” යි පැවසූහ.
8 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 9“මනුෂ්‍ය පුත්‍රය, දිවැසි වැකියෙන් මෙසේ පවසන්න. ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ ‘කඩුවක් ය, කඩුවක් ය,
මුවහත් කර ඔප දැමූ කඩුවක් ය.
10මුවහත ඝාතනය කරන්නට ය;
ඔපය විදුලිය සේ ලෙළ දෙන්නට ය!
“ ‘මගේ පුත්‍රයාගේ රාජ යෂ්ටිය ගැන අපි ප්‍රීති වන්නෙමු ද? එබඳු ලී කෝටු හැමකකට ම කඩුව ගර්හා කරයි.
11“ ‘කඩුව පත් කොට ඇත්තේ, ඔප දමනු ලබන්නට ය.
තරකොට, අතින් අල්ලා ගැනුමට ය;
එය මුවහත් කරනු ලැබ, ඔප දමනු ලැබ,
ඝාතකයාගේ අතට සූදානම් කරනු ලැබ තිබේ.
12කෑ මොර දෙමින්, විලාප නගන්න, මනුෂ්‍ය පුත්‍රය;
එය මගේ ජනතාවට විරුද්ධ ව එයි.
ඉශ්‍රායෙල් සියලු අධිපතියනට ම විරුද්ධ ව එයි.
මගේ ජනයා සමඟින්
ඔවුහු කඩුව ඉදිරියට හෙළා දමනු ලැබ සිටිති.
එබැවින් පපුවට ගසා ගන්න.
13“ ‘පරීක්ෂණය නියතයෙන් ම පැමිණෙයි. කඩුව විසින් ගර්හා කරනු ලැබූ රාජ යෂ්ටිය දිගට ම නො පැවතුණොත් කෙසේ දැ? යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.’
14“එබැවින් මනුෂ්‍ය පුත්‍රය, දිවැසි වැකි පවසමින්,
ඔබේ දෑත් එකට ගසා ගන්න.
කඩුව දෙවරක් පහර දේවා!
තෙවරක් පහර දේවා!
එය ඝාතනයේ කඩුවකි.
එය හැම අතෙකින් ම ඔවුන් කොටු කර ගන්නා,
මහා ඝාතනයක කඩුවකි.
15එසේ වන්නේ, හදවත් දියවී යන පිණිසත්,
බොහෝ දෙනකු වැටී යන පිණිසත් ය.
මම ඔවුන්ගේ සියලු දොරටුවල
ඝාතනය පිණිස කඩුවක් ස්ථානගත කළෙමි.
ඔහෝ! විදුලිය මෙන් ලෙළවන්නට සැදුම් ලත් එය,
ඝාතනය පිණිස තරයේ අල්ලා ගැනිණ.
16එම්බා කඩුව, දකුණට ද
වමට ද නුඹේ මුවාත හැරෙන හැරෙන අතට ද
පහර පිට පහර දෙනු!
17මමත් මගේ දෑත් එකට ගසා ගනිමි.
මගේ උදහස සංසිඳී යනු ඇත.
ස්වාමින්වහන්සේ වන මම කතා කළෙමි.”
18 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 19“මනුෂ්‍ය පුත්‍රය, බබිලෝනි රජුගේ කඩුවට එන්නට මාර්ග දෙකක් නියම කරන්න. ඒ දෙක ම එක රටකින් පටන් ගත යුතු ය. පුරවරයට හැරෙන අතු පාරෙහි සංඥා පුවරුවක් සවි කරන්න. 20අම්මොන්වරුන්ගේ රබ්බා පුරයට විරුද්ධ ව ඒමට එක් මාර්ගයක් ද යූදා හා පවුරින් වට යෙරුසලමට විරුද්ධ ව ඒමට තව මාර්ගයක් ද කඩුවට නියම කරන්න. 21මන්ද බබිලෝනියේ රජු පාර බෙදෙන තැන, පාර දෙපැත්තට බෙදෙන දෙමංසලෙහි නිමිති බලන්නට නවතිනු ඇත. ඔහු ඊ ගස් පස ඇට දමා, තම දේව පිළිමවලින් විමසනු ඇත. ඔහු (සත්ව) අක්මා පිරික්සා බලනු ඇත. 22යෙරුසලම සඳහා වූ පස ඇටය ඔහුගේ දකුණතට එන්නේ ය. ඔහු එහි පවුරු බිඳින යුධෝපකරණ පිහිටුවීමත්, ඝාතනයට අණ දීමත්, රණ හඬ නැංවීමත්, දොරටු බිඳින යුධෝපකරණ සවිකිරීමත්, ගොඩැල්ලක් ඉදිකිරීමත්, වැටලුම් පවුරක් නැංවීමත් කළ යුතු වන්නේ ය. 23ඔහුට පක්ෂපාතී වීමට දිවුරා තිබූ අයට එය බොරු නිමිත්තක් සේ පෙනෙනු ඇත. එහෙත් ඔහු ඔවුන්ගේ අයුතුකම ඔවුන්ට සිහිගන්වා ඔවුන් වහල්කමට ගනු ඇත.
24“එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘නුඹලා කරන හැම දේකින් ම නුඹලාගේ පාප හෙළි කරමින්, එළිපිට ම කැරලි ගැසීම මගින්, නුඹලාගේ වරද නුඹලා ම මතකයට ගෙනාහ. එබැවින් ඒ කළ දෑ නිසා ම නුඹලා වහල්කමට පත් කෙරෙනු ඇත.
25“ ‘තමාගේ දඬුවම් ලැබීමේ කාලයේ අන්තිම කෙළවරට ම ළඟා වී සිටින දූෂිත, දුෂ්ට ඉශ්‍රායෙල් අධිපතිය, 26පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: තලප්පාව ගලවා දමන්න. ඔටුන්න ඉවත් කරන්න. මින් මතු එය තිබුණු පරිදි නො වන්නේ ය. පහත් අය උසස් කෙරේ. උසස් අය පහත් කෙරේ. 27විනාශයක් ය, විනාශයක් ය! මම එය විනාශයක් ම කරමි. නියම හිමිකාරයා පැමිණෙන තෙක් යළි එය පිළිසකර නො කෙරේ. ඔහුට, මම එය දෙන්නෙමි.’
28“මනුෂ්‍ය පුත්‍රය, ඔබ දිවැසි වැකි පවසමින්, මෙසේ කියන්න: ‘අම්මොන්වරුන් ගැනත්, ඔවුන්ගේ නින්දා-ගැරහුම් ගැනත් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“ ‘කඩුවක් ය, කඩුවක් ය,
ඝාතනය පිණිස ඇදගත් එකක් ය;
කඩුගාන්නට ඔප දැමූවක් ය,
විදුලිය සේ ලෙළ දෙන්නක් ය.
29නුඹ ගැන වූ බොරු දර්ශන ද
නුඹ ගැන වූ ව්‍යාජ පේනකීම් ද තිබුණත්,
මරා දමන්නට නියමිත
දුෂ්ටයින්ගේ ගෙල මත නුඹ තබනු ලැබේ.
ඔවුන්ගේ දවස ළඟා වී ඇත.
දඬුවම් කාලය කරමුලට ම ඇවිත් ඇත.
30“ ‘කඩුව යළිත් කොපුවේ ලා ගනු.
නුඹ මවනු ලැබූ තැනදී
නුඹේ මුතුන් මිත්තන්ගේ දේශයේදී
මම නුඹ විනිශ්චය කරන්නෙමි.
31මම නුඹ පිට මගේ උදහස වගුරු වන්නෙමි;
නුඹට එරෙහි වූ මගේ රුදුරු කෝපය හමා එවන්නෙමි;
විනාශයට හපන් මුරුග මිනිසුන් අතට
මම නුඹ හසුකර දෙන්නෙමි.
32ගින්නට නුඹ පිදුරු වනු ඇත.
නුඹේ ලේ, නුඹේ ම දේශයෙහි වගුරනු ලැබේ.
තවදුරටත් නුඹ ගැන සිහි කිරීමක් නො වේ.
මන්ද ස්වාමින්වහන්සේ වන මම කතා කළෙමි.’ ”
Currently Selected:
එසකියෙල් 21: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: