එසකියෙල් 20
20
කැරලිකාර ඉශ්‍රායෙල්
1හත් වන අවුරුද්දේ පස් වන මාසයේ දහ වන දින ඉශ්‍රායෙල් ප්‍රජා මූලිකයින් ඇතැම් දෙනෙක් අවුත්, ස්වාමින්වහන්සේගෙන් විචාරන පිණිස මා ඉදිරිපිටින් හිඳ ගත්හ.
2එවිට, ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය: 3“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් ප්‍රජා මූලිකයින්ට කතා කොට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක; නුඹලා ආවේ මගෙන් විචාරන්නට ද? මා ජීවත් වන වග සැබෑ සේ ම මගෙන් විචාරන්නට නුඹලාට මම ඉඩ නො දෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ කියන සේක.’
4“ඔබ ඔවුන් විනිශ්චය කරනවා ද මනුෂ්‍ය පුත්‍රය? ඔබ ඔවුන් විනිශ්චය කරනවා ද? ඔවුන්ගේ පියවරුන්ගේ පිළිකුල්කම් ඔවුන්ට දන්වමින්, 5ඔවුන්ට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මම ඉශ්‍රායෙල් තෝරාගත් දවසේදී, යාකොබ් වංශයෙන් පැවත එන්නන්ට මගේ අත ඔසවා, දිවුරමින්, ඊජිප්තු දේශයේදී ඔවුන්ට එළිදරවු වුණෙමි. “නුඹලාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම යැ” යි එසෙවූ අතින් යුතු ව, ඔවුන්ට පැවසුවෙමි. 6කිරි හා පැණි ගලා යන දේශයකට, සියලු දේශවලින් ඉතාම ශෝබන වූ, මා විසින් ඔවුන් උදෙසා සොයා තෝරාගනු ලැබූ දේශයකට, ඊජිප්තු දේශයේ සිට මම ඔවුන් ගෙනෙනා වග ඒ දවසේ මම ඔවුන්ට දිවුළෙමි. 7තවද මම ඔවුන් අමතමින්, “ඔබ හැම කෙනකු ම ඔබ ඇස ගසා ගෙන සිටින නීච පිළිම රූප පහ කර දමන්න. ඊජිප්තුවේ දේව පිළිමවලින් අපවිත්‍ර නො වන්න. ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය” යි කීවෙමි.
8“ ‘එහෙත්, මට එරෙහිව කැරලි ගැසූ ඔවුහු මට සවන් දුන්නේ නැත. ඔවුන් තමන් ඇස ගසා සිටි නීච පිළිම රූප පහ කර දැමුවේවත්, ඊජිප්තු දේව පිළිම අත්හළේවත් නැත. එබැවින් ඊජිප්තුව තුළදී මගේ උදහස ඔවුන් පිට වගුරන වගත්, මගේ කෝපය ඔවුන්ට එරෙහිව එල්ල කරන වගත් මම පැවසීමි. 9එහෙත්, මගේ නාමයේ ගෞරවය උදෙසා මම ක්‍රියා කළෙමි. ඒ, ඔවුන් ජීවත් වූ කවර ජාතීන් අතරේ ද ඒ ජාතීන්ගේ ඇස් හමුවේ එය නො කෙලෙසන පිණිස ය. එනිසා ඔවුන් ඊජිප්තුවෙන් පිටතට ගෙන ඒමෙන් ඔවුන්ගේ ඇස් හමුවෙහි මම ම මා එළිදරවු කළෙමි. 10එබැවින්, මම ඊජිප්තු දේශයෙන් පිටතට ඔවුන් පමුණුවා, පාළුකරයට ඔවුන් ගෙන ආවෙමි. 11මම ඔවුන්ට මගේ නියෝග දුනිමි. මගේ නියමයන් ඔවුන්ට දැන්වීමි. ඒවා පිළිපදින්නා ඒවා පිළිපැදීමෙන් ජීවත් වෙයි. 12තවද මා සහ ඔවුන් අතරෙහි සලකුණක් වශයෙන් මම ඔවුන්ට මගේ සබත් ද දුනිමි. එසේ කළේ ඔවුන් විශුද්ධ කරන ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගන්නා පිණිස ය.
13“ ‘එසේ ද වුව, ඉශ්‍රායෙල් ජනතාව පාළුකරයේදී මට එරෙහිව කැරලි ගැසූහ. පිළිපදින්නා ඒවා පිළිපැදීමෙන් ම ජීවත් වන්නේ වුව ද, ඔවුන් මගේ නියෝග පිළිපැද්දේ නැත. මගේ නියමයන් ප්‍රතික්ෂේප කළහ. ඔවුහු මගේ සබත් මුළුමනින් දූෂ්‍ය කළහ. එබැවින්, මම මගේ උදහස ඔවුන් පිට වගුරුවා, පාළුකරය තුළ ඔවුන් වනසා දමන වග ඔවුන්ට කීමි. 14එහෙත්, මා ඔවුන් පිටතට ගෙන ආවේ කවර ජාතීන් හමුවේ ද, ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි මගේ නාමය නො කෙලෙසන පිණිස මගේ නාමයේ ගෞරවය රැකෙන පරිදි ක්‍රියා කළෙමි. 15තවද, මා ඔවුන්ට දී තිබූ දේශය වන කිරි හා පැණි ගලා යන දේශයට, සියලු දේශවලින් ඉතාම ශෝබන දේශයට, මා ඔවුන් ගෙන එන්නේ නැති වග පාළුකරයේදී මගේ අත් ඔසවා, මම ඔවුන්ට දිවුළෙමි. 16එසේ කළේ මගේ නියමයන් ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසාත්, මගේ නියෝග ඔවුන් නො පිළිපැද්ද නිසාත්, මගේ සබත් දූෂ්‍ය කළ නිසාත් ය. මන්ද ඔවුන්ගේ හදවත්, ඔවුන්ගේ දේව පිළිමවලට ඇලී තිබූ බැවිනි. 17එසේ වුව ද, ඔවුන් දෙස අනුකම්පාවෙන් බැලූ මම පාළුකරයේදී ඔවුන් විනාශ කර නො දැමීමි. ඔවුන් අවසන් කර නො දැමීමි. 18මම ඔවුන්ගේ දරුවන්ට පාළුකරයේදී කතා කරමින්, “ඔබගේ පියවරුන්ගේ නියෝග රක්ෂා කිරීම හෝ ඔවුන්ගේ නියමයන් පිළිපැදීම හෝ නො කරන්න. ඔවුන්ගේ දේව පිළිමවලින් අපවිත්‍ර නො වන්න. 19ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මගේ නියෝග පිළිපැද මගේ නියමයන් රක්ෂා කිරීමට වග බලා ගන්න. 20මගේ සබත් ශුද්ධ ලෙස පවත්වන්න. ඒ දෑ අප අතරේ සලකුණක් වන්නේ ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා වග එවිට නුඹ දැනගනු ඇතැ!” යි කීවෙමි.
21“ ‘එහෙත් ඒ දරුවෝ ද මට එරෙහිව කැරලි ගැසුවෝ ය. ඔවුන් මගේ නියෝග පිළිපැද්දේ නැත. මගේ නියමයන් පිළිපැදීමෙන් ම ජීවනය අත්කර ගත හැක්කේ වුව ද, ඒවා රක්ෂා කරන්නට ඔවුන් වග බලා ගත්තේ නැත. ඔවුහු මගේ සබත් දූෂ්‍ය කළහ. එබැවින්, පාළුකරය තුළදී මගේ උදහස ඔවුන් පිට වගුරු වන වගත්, ඔවුන්ට එරෙහිව මගේ කෝපය ඔවුන් පිට හලන වගත් මම කීවෙමි. 22එහෙත්, මා විසින් ඔවුන් පිටතට ගෙන යන ලද්දේ කවර ජාතීන්ගේ ඇස් හමුවේ ද, එම ජාතීන්ගේ ඇස් හමුවේ මගේ නාමයේ ගෞරවය නො කෙලෙසන පිණිස, මගේ නාමය උදෙසා එසේ කිරීමෙන් මම වැළකුණෙමි. 23තවද, ජාතීන් අතරට මා ඔවුන් පන්නා දමන වගත්, රට රටවලට මා ඔවුන් විසුරුවා දමන වගත්, පාළුකරයේදී මගේ අත ඔසවා මම ඔවුන්ට දිවුළෙමි. 24එසේ කළේ, ඔවුන් මගේ නියමයන්වලට අවනත නො වී, මගේ නියෝග ප්‍රතික්ෂේප කළ නිසාත්, මගේ සබත් දූෂ්‍ය කළ නිසා හා ඔවුන්ගේ ඇස් ඔවුන්ගේ පියවරුන්ගේ දේව පිළිමවලට ගිජු වූ නිසාත් ය. 25තවද සෙත නො සැලසෙන නියෝග ද ජීවනය නො සැලසෙන නියමයන් ද මම ඔවුන් පිට තැබුවෙමි. 26මා ස්වාමින්වහන්සේ වග ඔවුන් දැනගන්නා පිණිස, භීතියෙන් ඔවුන් ඇලළී යනු වස්, හැම කුලුඳුලකු ම යාග කිරීමේ ඔවුන්ගේ පුද පඬුරුවලින් ඔවුන් දූෂ්‍ය වන්නට මම ඉඩ හළෙමි.’
27“එබැවින් මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් ජනයා අමතා මෙසේ පවසන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක. මෙමඟින් ද නුඹලාගේ පියවරු මට ද්‍රෝහිකමක් කිරීමෙන් මට අපහාස කළහ. 28ඔවුනට දෙන වගට මා ඔවුන්ට දිවුරා තිබූ දේශයට මා ඔවුන් ගෙන ආ කල්හි, යම් උස් හෙලක් හෝ කොළ අතු ඇති ගසක් හෝ දුටු ඔවුහු එහිදී තමන්ගේ යාග ඔප්පු කරමින්, තම පුද පඬුරු පුදමින්, මගේ කෝපය ඇවිළවූවෝ, තම සුවඳ දුම් පූජා පුද දෙමින්, තම පාන පූජා වැගිරවූවෝ ය. 29එවිට මම ඔවුන් අමතමින්, නුඹලා යන මේ කඳු උඩ පුදසුන් මොනවාදැයි ඇසීමි.’ ” අද දවස දක්වාත් එතැන, කඳු උඩ පුදසුන් යන අරුතින් බාමා නමින් හැඳින් වේ.
දඬුවම හා යළි පිළිගැනීම
30“එබැවින් ඉශ්‍රායෙල් වංශයට මෙසේ පවසන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: නුඹලාගේ පියවරුන් කළ පරිද්දෙන් ම නුඹලාත් තුමූම දූෂ්‍ය කර ගෙන, ඔවුන්ගේ නීච පිළිම රූපවලට තෘෂ්ණා වෙනවා ද? 31නුඹලාගේ පුද පඬුරු මගින්, එනම් නුඹලාගේ දරුවන් ගින්නෙහි යාග කිරීම් මගින් අද දවස දක්වාත් නුඹලාගේ සියලු දේව පිළිම සමඟින් නුඹලා දිගට ම දූෂ්‍ය වෙමින් සිටිති. එසේ නම් මගෙන් විචාරන්නට මම නුඹලාට ඉඩ හරින්නෙම් ද? එම්බා ඉශ්‍රායෙල් වංශය, මා ජීවත් වන වග සැබෑ සේ ම, මගෙන් විචාරන්නට මම නුඹලාට ඉඩ නො දෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
32“ ‘නුඹලා කතා කරමින්, “අපට ඕනෑ අනෙක් ජාතීන් මෙන් වන්නට ය. දැව සහ ගල්වලට සේවය කරන ලොව සෙසු ජනයා මෙන් වන්නට යැ” යි කියති. එහෙත් නුඹලාගේ සිතේ ඇති දෑ කෙදිනකවත් ඉටු නො වන්නේ ය. 33මා ජීවත් වන වග සැබෑ සේ ම, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: ප්‍රබල වූ හස්තයකින් ද දිගු කළ බාහුවකින් ද වැගිරුණු උදහසින් ද යුතු ව, මම රජකු ව නුඹලා පාලනය කරන්නෙමි. 34විසුරුවනු ලැබ සිටින රට-රටවලින් නුඹලා එක් රැස් කර, එම ජාතීන් වෙතින් මම නුඹලා ගෙනෙන්නේ ප්‍රබල වූ හස්තයකින්, දිගු කළ බාහුවකින් හා වැගිරුණු උදහසින් ද යුතු ව ය. 35මම ජනයින්ගේ පාළුකරයට නුඹලා ගෙනවුත්, එහිදී මුහුණට මුහුණ ලා නුඹලා පිටට විනිශ්චය පමුණු වන්නෙමි. 36ඊජිප්තු දේශයේ පාළුකරයේදී මම නුඹලාගේ පියවරුන් විනිශ්චය කළ පරිද්දෙන්, මම නුඹලා විනිශ්චය කරන්නෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 37නුඹලා මගේ කෙවිට යටින් යද්දී නිරීක්ෂණ කොට, මගේ ගිවිසුමට නුඹ බඳවා ගන්නෙමි. 38මට විරුද්ධ ව නැගී සිටින්නන් හා කැරලිගසන්නන් පහකරමින්, මම නුඹලා පවිත්‍ර කරන්නෙමි. ඔවුන් දැනට පදිංචි වී සිටින දේශයෙන් මා ඔවුන් පිටතට ගෙනෙන නමුදු, ඉශ්‍රායෙල් දේශයට ඔවුන් ඇතුළු වන්නේ නැත. එවිට, ස්වාමින්වහන්සේ මා වග ඔබ දැනගනු ඇත.
39“ ‘එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා ගැන පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: නුඹලා හැම කෙනකු ම ගොස්, නුඹලාගේ දේව පිළිමවලට මෙහෙ කරනු! එහෙත් පසු විටෙක නුඹලා නිසැක ව ම මට සවන් දෙනු ඇත. ඉන්පසු නුඹලාගේ පුද පඬුරු හා දේව පිළිම මගින් නුඹලා මගේ නාමය තවත් නො කෙලෙසනු ඇත. 40මන්ද, මගේ ශුද්ධ කන්ද මතදී, ඉශ්‍රායෙල්හි උස් කන්දේදී, දේශයෙහි සමස්ත ඉශ්‍රායෙල් වංශය ම මට සේවය කරනු ඇතැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. එහිදී මම ඔවුන් පිළිගන්නෙමි. එහිදී නුඹලාගේ සියලු ශුද්ධ පූජා සමඟ නුඹලාගේ පිදුම් ද නුඹලාගේ අනගිතම ත්‍යාග ද මම නියම කරන්නෙමි. 41නුඹලා විසුරුවනු ලැබ සිටින රට-රටවලින් මම නුඹලා පිටතට ගෙනෙන කල හා ඒ ඒ ජාතීන් වෙතින් මම නුඹලා රැස් කරන කල, සුගන්ධ ධූමයක් සේ මම නුඹලා පිළිගන්නෙමි. නුඹලා අතරෙහි මා ශුද්ධ වග ජාතීන්ගේ ඇස් හමුවෙහි මම පෙන්නුම් කරන්නෙමි. 42නුඹලාගේ පියවරුන්ට දෙන ලෙස මගේ අත ඔසවා, මවිසින් ගිවිස තිබූ දේශය වන ඉශ්‍රායෙල් දේශයට මා නුඹලා ගෙනෙන කල, ස්වාමින්වහන්සේ මා වග නුඹලා දැනගන්නවා ඇත. 43නුඹලා අපවිත්‍ර කර ගත් නුඹලාගේ හැසිරීම හා මුළු ක්‍රියා කලාපය එහිදී නුඹලා සිහි කරනු ඇත. තවද නුඹලා කළ සියලු දුෂ්ටකම් ගැන නුඹලාට ම පිළිකුල දැනෙනු ඇත. 44නුඹලාගේ දුෂ්ට මාර්ගවලට අනුව හෝ නුඹලාගේ දූෂිත ක්‍රියා පිළිවෙතට අනුව හෝ නො ව, මගේ නාමයේ ගෞරවය උදෙසා මා නුඹලා ගැන ක්‍රියා කළ කල්හි, එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමින්වහන්සේ මා වග නුඹලා දැනගනු ඇතැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.’ ”
දකුණු දෙසට එරෙහිව
45 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 46“මනුෂ්‍ය පුත්‍රය, ඔබගේ මුහුණ දකුණු දෙසට යොමු කරන්න. දකුණට එරෙහිව දේශනා කොට, දකුණු දිග පෙදෙසේ වනයට එරෙහිව දිවැසි වැකි පවසන්න. 47දකුණු දිග වනයට මෙසේ කියන්න: ‘ස්වාමින්වහන්සේගේ වචනය අසනු! පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මෙන්න! මම නුඹ ගිනි ලන්නට යන්නෙමි. නුඹගේ ගස් සියල්ල වන අමු ගස් මෙන් ම වියළි ගස් ද එයින් දැවී යන්නේ ය. ඇවිළෙන එම ගින්න නිවනු නො ලැබේ. දකුණේ සිට උතුර දක්වා වූ හැම මුහුණක් ම එයින් දැවී, කර වී, යන්නේ ය. 48එය දල්වා ඇත්තේ ස්වාමින්වහන්සේ වන මා වග හැම කෙනකු ම දකිනු ඇත. එම ගින්න නිවනු නො ලැබේ.’ ”
49එවිට මම කතා කරමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔවුන් මා ගැන කියන්නේ, ‘ඔහු පවසන්නේ උපමා කතා නො වේ ද?’ යනුවෙනි” යි කීවෙමි.
Currently Selected:
එසකියෙල් 20: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: