YouVersion Logo
Search Icon

එසකියෙල් 17:22-23

එසකියෙල් 17:22-23 SCV

“ ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මම, දේවදාර ගසක හරි මුඳුනින් රිකිල්ලක් ගෙන එය පැළ කරන්නෙමි. මම එහි මුඳුන් රිකිලිවලින් ළපටි ඉත්තක් කඩා ගෙන, ඉහළ උස කන්දක් මත එය සිටුවන්නෙමි. ඉශ්‍රායෙල්හි කඳු මුඳුනේ මම එය සිටුවන්නෙමි. එය අතු දමා, පල ගැන්වී, විශිෂ්ට දේවදාර ගසක් වනු ඇත. සියලු වර්ගවල කුරුල්ලන් එහි කැදලි තනනු ඇත. එහි අතුවල සෙවණෙහි ඔවුන් රැකවරණ ලබනු ඇත.