එසකියෙල් 11
11
ද්‍රෝහි ජන නායකයින්ට
1ඉන්පසු ආත්මයාණෝ මා ඔසවා, ස්වාමින්වහන්සේගේ ගෘහයේ නැගෙනහිරට මුහුණ ලූ දොරටුව වෙත ගෙන ආ සේක. එහි දොරටු පිවිසුමෙහි මිනිස්සු විසිපස් දෙනෙක් වූහ. ඔවුන් අතරෙහි අස්සූර්ගේ පුත් යාසනියා ද බෙනායාගේ පුත් පෙලටියා ද යන ජන නායකයින් සිටිනු මම දුටුවෙමි. 2උන්වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, මෙම පුරවරය තුළ නපුර කුමන්ත්‍රණ කරමින්, දුෂ්ට උපදෙස් දෙන මිනිස්සු මොවුහු ය. 3මොවුහු කතා කරමින්, ‘ගෙවල් ඉදිකිරීමට කාලය ආසන්න නැත. මෙපුර ඇතිළියක් වගේ ය. එහි පිසෙනා මස අප යැ’ යි කියති. 4එබැවින්, ඔවුනට එරෙහිව දිවැසි වැකි පවසන්න. මනුෂ්‍ය පුත්‍රය, දිවැසි වැකි පවසන්නැ” යි කී සේක.
5එවිට ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ මා පිට පැමිණි සේක්, මෙසේ කියන්නැයි මට කී සේක: “ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: එම්බා ඉශ්රායෙල් වංශය, නුඹලා කියන්නේ එලෙසිනි. එහෙත් නුඹලාගේ සිත්වල ඇති දෑ මම දනිමි. 6නුඹලා මේ පුරවරයේ බොහෝ දෙනකු මරා දමා, එහි වීදි එලෙස මරා දැමුණු උන්ගෙන් පිරවූහ.
7“එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක; ඇතිළිය, පුරවරයයි; එහි පිසෙනා මස නුඹලා විසින් එහි හෙළාලූවන්ගේ මළමිනී ය. මම එතැනින් පිටතට නුඹලා පන්නා දමන්නෙමි. 8නුඹලා භය කඩුවට ය. එබැවින් නුඹලාට එරෙහිව මම කඩුවක් ම ගෙනෙන්නෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 9පුරවරයෙන් පිටතට මම නුඹලා පන්නා, පරදේශීන් අතට නුඹලා අල්ලා දී, නුඹලා පිට දඬුවම් පමුණු වන්නෙමි. 10නුඹලා කඩුවට බිලි වී, වැටී යනු ඇත. ඉශ්රායෙල් සීමාවන්හි දී මම නුඹලා පිට විනිශ්චය පමුණු වන්නෙමි. එවිට, ස්වාමින්වහන්සේ මා වග නුඹලා දැනගනු ඇත. 11මේ පුරය නුඹලා උදෙසා ඇතිළියක් වන්නේ නැත. නුඹලා එහි මස වන්නේ ද නැත. ඉශ්රායෙල් සීමාවන්හි දී මම නුඹලා පිට විනිශ්චය පමුණු වන්නෙමි. 12මෙසේ මා ස්වාමින්වහන්සේ වග නුඹලා දැනගනු ඇත. මන්ද, නුඹලා මගේ නියෝග රක්ෂා කළේවත්, මගේ නියමයන් පිළිපැද්දේවත් නැතිව, නුඹලා වටා සිටින ජාතීන්ගේ නීති පිළිවෙළ අනුගමන කළ බැවිනැ” යි පැවසූහ.
13මේ අතර, මා දිවැසි වැකි පවසමින් සිටියදී බෙනායාගේ පුත් පෙලටියා මැරුණි. එවිට මුහුණ බිමට නමමින් වැටී, උස් හඬින් මොර ගැසූ මම, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඉශ්රායෙල් ඉතිරි ස්වල්ප දෙනා ඔබවහන්සේ මුළුමනින් විනාශ කර දමන සේක් දැ?” යි ඇසීමි.
ඉශ්රායෙල්ට බලාපොරොත්තුවක්
14 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය: 15“මනුෂ්‍ය පුත්‍රය, ඔබේ සහෝදරයින් ගැන, ඔබ සමඟ පිටුවහල් ව සිටින ඔබේ ලේ නෑයින් ගැන හා මුළු ඉශ්රායෙල් වංශය ගැන යෙරුසලම් ජනතාව කියා ඇත්තේ, ‘ඔවුන් ස්වාමින්වහන්සේ වෙතින් දුර බැහැර ය. අපේ උරුමය වශයෙන් මේ දේශය දී ඇත්තේ අපට ය’ කියා ය.
16“එබැවින් මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ජාතීන් අතරේ දුර බැහැරට මා ඔවුන් යවා, රටවල් අතරෙහි ඔවුන් විසුරුවා දැමුවත්, ඔවුන් ගොසින් සිටින රට රටවලදී මද වෙලාවකට මම ඔවුන්ට අභයස්ථානයක් වුණෙමි.’
17“එබැවින් මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ජාතීන් වෙතින් මම ඔබ එක් රැස් කර, ඔබ විසුරුවා දැමුණු රට-රටවලින් ආපසු ගෙනවුත්, ඉශ්රායෙල් දේශය යළි ඔබට දෙන්නෙමි.’
18“ඔවුන් පෙරළා එහි අවුත්, එහි ඇති නීච පිළිම රූප හා පිළිකුල් සහගත දේව පිළිම සියල්ල ඉවත් කරනු ඇත. 19මම ඔවුන්ට නො බෙදුණු හදවතක් දෙන්නෙමි. නවමු ආත්මයක් ඔවුන් තුළ තබන්නෙමි. මම ඔවුන් තුළ ඇති ගල් හදවත ඔවුන් වෙතින් ඉවත් කර, මාංසමය හදවතක් ඔවුන්ට දෙන්නෙමි. 20එවිට ඔවුන් මගේ නියෝග රක්ෂා කරමින් මගේ නියමයන් පිළිපැදීමට සිතට ගනු ඇත. ඔවුහු මගේ ජනතාව වන්නෝ ය. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. 21එහෙත්, තමන්ගේ නීච පිළිම රූප හා පිළිකුල් සහගත දේව පිළිමවලට තම හදවත් කැප කර ඇතියවුන්ගේ ක්‍රියා මාර්ග ඔවුන්ගේ ම හිස් පිට පතිත කරන්නෙමි!” යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
22ඉන්පසු කෙරුබ්වරු තමන් පසෙක රෝද තිබියදී, තම පියාපත් විහිදාලූහ. එවිට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය ඔවුන්ට ඉහළින් විණ. 23ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය පුරවරය මධ්‍යයෙන් ඉහළ නැගී, පුරවරයට නැගෙනහිරින් වූ කන්දට ඉහළින් නැවතුණේ ය. 24ආත්මයාණෝ මා ඔසවා, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මට දුන් දර්ශනය මගින් කල්දියාවෙහි පිටුවහල් ව සිටින්නවුන් වෙත මා ගෙන ගියේ ය.
මා දුටු දර්ශනය ඉන්පසු මවෙතින් ඉවත් ව ගියේ ය. 25ස්වාමින්වහන්සේ මට පෙන්වා තිබූ සියල්ල ගැන මම පිටුවහල් ව සිටින්නවුන්ට පැවසීමි.
Currently Selected:
එසකියෙල් 11: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: