එසකියෙල් 10
10
දේව මාලිගයෙන් දිව්‍ය තේජස බැහැර වීම
1මා බැලූ කල, මෙන්න! කෙරුබ්වරුන්ගේ හිස්වලටත් ඉහළින් වූ අවකාශයෙහි ඉන්ද්‍රනීල මාණික්‍යයක් බඳු සිංහාසනයක ස්වරූපයක්! 2හණ පිළි හැඳි මිනිසා ඇමතූ ස්වාමින්වහන්සේ, “කෙරුබ්වරුන්ට යටින් ඇති රෝද අතරට වැද, කෙරුබ්වරුන් අතරෙහි ගිනි ඇවිළෙන ගල් අඟුරු ඔබේ දෑතෙහි පුරවා ගෙන, ඒවා පුරවරය පුරා විසුරුවන්නැ” යි කී සේක. මා බලා සිටියදී ම ඔහු ඇතුළු විය.
3ඒ මිනිසා එහි ඇතුළු වෙද්දී, කෙරුබ්වරු ගෘහයේ දකුණු පැත්තේ සිටගෙන වුන්හ. ඇතුළු මළුව වලාකුළකින් පිරී ගියේ ය. 4එවිට ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය, කෙරුබ්වරුන්ට ඉහළින් ඉවත් වී, ගෘහ දොරකඩ වෙත මෑත් විය. වලාකුළෙන් ගෘහය පිරී ගත්තේ ය. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයේ දීප්තියෙන් ගෘහ මළුව පිරී ගත්තේ ය. 5කෙරුබ්වරුන්ගේ පියාපත් හඬ පිටත මළුව දක්වා ඇසුණේ, සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ කතා කරන කල, උන්වහන්සේගේ කටහඬ පරිද්දෙනි.
6හණ පිළි හැඳි මිනිසාට ස්වාමින්වහන්සේ අණ කරමින්, “රෝද අතරින්, කෙරුබ්වරුන් අතරින් ගින්දර ගන්නැ” යි කී කල, ඔහු ඇතුළු වී, රෝදයක් පසෙකින් සිට ගත්තේ ය. 7එවිට කෙරුබ්වරුන් අතරෙන් කෙරුබයෙක්, කෙරුබ්වරුන් අතරෙහි වූ ගින්නට අතක් දිගු කොට, එයින් ටිකක් ගෙන, හණ පිළි හැඳි මිනිසා අත තැබී ය. ඔහු ඒවා ගෙන, පිටතට ගියේ ය. 8කෙරුබ්වරුන්ගේ පියාපත් යට මිනිස් අතක් බඳු පෙනුමක් දක්නට ලැබිණ.
9එවිට මම බැලූ කල මෙන්න! කෙරුබ්වරුන් පසෙක රෝද හතරක්! එක් කෙරුබයකු පසෙක එක් රෝදයක් බැගින් විණ. එම රෝද රන්කාන්ති මැණික් සේ බැබළිණි. 10ඒවා හතරෙහි පෙනුම එක සමාන ය. ඒ හැමකක් ම රෝදයක් තුළ රෝදයක් හරහට සිටින සෙයක් තිබිණ. 11ඒවා ගමන් කරන කල ගමන් කළේ, කෙරුබ්වරුන් මුහුණ හරවා සිටියේ හතර දිසාවෙන් කවර දිසාවකට ද ඒ දිසාවටය. කෙරුබ්වරුන් ගමන් කරන කල, රෝද වෙනතක හැරුණේ නැත. කෙරුබ්වරුන් හිස හරවාගෙන සිටි කවර දිසාවකට වුව ගමන් කළේ, හැරෙන්නේ නැතිව ය. 12ඔවුන්ගේ පිටුපස ද ඔවුන්ගේ අත් ද ඔවුන්ගේ පියාපත් ද ඇතුළු ව ඔවුන්ගේ මුළු ගත පුරා මුළුමනින් ම ඇස් තිබිණ. ඔවුන්ගේ රෝදවල ද එසේ ම විය. 13එම රෝද බ්‍රමන රෝද යනුවෙන් හඳුන්වනු මට ඇසිණි. 14එක් එක් කෙරුබයාට මුහුණු හතරක් විය. පළමුවැන්න කෙරුබ් මුහුණකි. දෙවැන්න මිනිස් මුහුණකි. තෙවැන්න සිංහ මුහුණකි. හතරවැන්න රාජාලි මුහුණකි.
15ඉන්පසු කෙරුබ්වරු ඉහළ නැගුණහ. කලින් කෙබාර් ගඟබඩදී මා දුටු ජීවමාන සත්වයෝ මොවුහු ය. 16කෙරුබ්වරුන් ගමන් ගත් කල, රෝද ද ඒ පසෙකින් ගමන් ගත්තේ ය. කෙරුබ්වරුන් පොළොවේ සිට ඉහළ නැගෙන්නට ඔවුන්ගේ පියාපත් විහිදූ කල, රෝද ඔවුන් වෙතින් මෑත් නො වී ය. 17කෙරුබ්වරුන් නැවතී සිටගත් කල, රෝද ද නිසල ව නැවතිණ. කෙරුබ්වරුන් ඉහළ නැගුණු කල, රෝද ද ඒවා සමඟ ඉහළ නැගුණි. මන්ද ජීවමාන සත්වයන්ගේ ආත්මය වූයේ ඒවා තුළ ය.
18එවිට ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය ගෘහ දොරකඩින් බැහැර ව, කෙරුබ්වරුන්ට ඉහළින් නැවතුණේ ය. 19මා බලා සිටියදී කෙරුබ්වරු තම පියාපත් විහිදා, පොළොවෙන් ඉහළට නැගුණහ. ඔවුන් යන විටදී රෝද ද ඔවුන් සමඟ ගියේ ය. ඔවුහු ස්වාමින්වහන්සේගේ ගෘහයෙහි නැගෙනහිරට දොරටු පිවිසුමෙහි නැවතුණහ. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය ඔවුනට ඉහළින් පිහිටිණ.
20කෙබාර් ගඟබඩදී ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට පහළින් මා දැක තිබූ ජීවමාන සත්වයෝ මොවුහු ය. කෙරුබ්වරුන් ඔවුන් වග මම වටහා ගතිමි. 21ඒ හැමකකුට ම මුහුණු හතරක් ද පියාපත් හතරක් ද බැගින් තිබිණ. පියාපත් යටින් මිනිස් අත් වැන්නක් ද තිබිණ. 22කෙබාර් ගඟබඩදී මා දැක තිබූ පරිදි, ඔවුන්ගේ මුහුණුවල තිබුණේ එක ම පෙනුමකි. ඒ එක් එක්කෙනා කෙළින් ම ඉදිරියට ගියහ.
Currently Selected:
එසකියෙල් 10: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: